සසින්දි ඉස්සරින් එන කටහඬේ අයිතිකාරයව බැලුවා ඒ වෙන කවුරුත් නෙවෙයි නුවන් තෙන්නකෝන්
" ඇයි තමුන් මෙතනට ආවෙ"
"මට මෙතනට එන්න ඔයාගෙන් අවසර ගන්න ඕනද මැණිකෙ "
"ඔව් මොකද මන් විතරයි මේකේ ඉන්නෙ අනික මගෙ නම සසින්දි සසීවත් මැණිකවත් නෙවෙයි "
"අම්මෝ නගරෙට ආවා කියලා කිසිම වෙනසක් වෙලා නෑ ඒ හිටිය මිරිස් කරලමයි"
"කරුණාකරලා මෙතනින් යනවද "
"ඇයි මැණිකෙ මාව යවන්නෙ අපි අද නේද සතියකට පස්සෙ හම්බුනේ මගෙන් ඔයාට කොහොමද කාලා බීලද මුකුත් අහන්නෙ නැතුව එකපාර යන්න කිව්වහම හරිද ආ"
නුවන් ටිකෙන් ටික කාමරේ ඇතුලට ආවා
"ඇතුලට එන්න එපා කරුණාකරලා යන්න අනික මෙතනින් ලමයිනුත් යනවා"
"කෝ නෑ මට පේන විදිහට එක ලමයෙක් ඉස්කෝලෙ දැනට නැහැ "
"වෙන්න බෑ තාම 2 ටවත් නැහැ "
"3යි වෙලාව "
"ලමයි හිටියත් නැතිවුනත් ඔයා මෙතනින් යන්න "
" මන් මෙතනට ආවෙ මගෙ කැමැත්තෙන් ඒ වගෙම යන්නෙත් මගෙ කැමැත්තෙන්"
සසින්දි බය වුනා නුවන් එයා ලඟට එන එකට සසින්දි ඉක්මනට ෆෝන් එක අරගෙන කෞශල්‍යාට මිස් කෝල් එකක් ගැහුවා කෞශල්‍යා ෆෝන් එක Answer කරයින් පස්සෙ සසින්දිගෙ සද්දෙ ඇහිලා ඉක්මනට සසින්දි ඉන්න කාමරේට ආවා
කෙල්ල දැක්කෙ නුවන් සසින්දිට ලං වෙන්න අඩි දෙකක වගේ දුරකින් කෞශල්‍යා ඉක්මනට සසින්දි ලගට ඇවිත් එයාව නුවන්ගෙන් ඈතට ගත්තා
" ඇයි තමුන් මේ ඉස්කෝලෙට ආවෙ ආ "
" ආව එක කියන්නම ඕනද "
"ඔව් කියහන් මොකටද ආවෙ "
"ලමයින්ට උගන්වන්න මන් ඔයාලගෙන් අවසර අරන්ද ඉස්කෝල වලට එන්න ඕන"
"එහෙම ඕනෙ නෑ තමුන්ට ඕන ඉස්කෝලෙකට යන්න පුලුවන් ඒත් අපි ඉන්න ඉස්කෝලෙටම ඇවිත් සසින්දිට කරදර කරන්නෙ මොකද ආ "
"මන් මේකිට කරදර කරන්නෙ නෑ මන් මේකිට සිරා ලව් කරනවා අනික බලහන් මේකිගෙ හැඬ උගත් කම කවුද මේකිට අකමැති වෙන්නෙ හැම මිනිහෙක්ම පස්සෙන් එයි "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....