17 වන කොටස

58 9 14
                                    

ඊලඟ දවස
.
.
.
.
.
.
උදෑසන සසින්දි ඉස්කෝලෙට ආවත් ආදිගෙ නිහඬ බවයි ආදි ඉස්කෝලෙ වැඩ විතරයි අමතර කතා නැති එක ගැනයි සසින්දිට ලොකු ප්‍රශ්නාර්තයක් වුනා සසින්දිට ආදිගෙ නිහඬතාවය නුවන්ගෙ වදේට වඩා බලපාන්න ගත්තා

" මොකද බන් උබට වෙලා තියෙන්නෙ කූඹි කාලා වගේ දඟලන්නෙ "

"ආදි ඉස්සර වගේ නෙවෙයි පන්තියෙ හරිම නිශ්ශබ්දයි මට හරිම අවුල් ඕයි "

"ඒක මටත් තේරුනා බන් එයාට දුක හිතෙන්න ඇති "

"ඒත් මන් එහෙම කරේ එයාගෙ ආරක්ශාවටනේ "

"ඒක උබ දන්නවා මන් දන්නවා නුවනයා දන්නවා ඒත් ආදි දන්නෙ නැහැනෙ"

" මම ඒක කියන්නත් නැහැ එතකොට ඔය මුරන්ඩු කෙල්ල තව මගෙ පස්සෙන් එයි මාව ආරක්ශා කරන්න "

"ඇයි බන් ආදි උබේ පස්සෙන්ම එන්නෙ"

" අනේ මන්දා හැබැයි එයාගෙ හැසිරීම මන් එක්ක ඉද්දි ගොඩක් වෙනස් "

"මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ"

"දන්නෙ නැහැ මට අහන්න ලැබුනා එයාට සහෝදරියො නැහැ කියලා මාව ලොකු අක්කෙක් වගේ පේන නිසා ආරක්ශා කරන්න හිතුනද දන්නැහැනෙ "

"ඒක කියන්න බැහැ මොකද මාවත් ආරක්ශා කරානේ "

"ඒකනෙ ඒක ගැන පස්සෙ බලමු දැන් යමු පන්තියට මට ඔලුව කැරකෙන්න වගේ "

"අරූ එයිනෙ පස්සෙන් "

"අනේ මට උගෙන් ඈත් වෙන්න විදිහක් කියහන් නැත්තන් මන් මැරෙනෝ බන් එච්චරට මට වදයක් අවුරුදු 25 වගෙ වයස මට අවුරුදු 45 එකෙක් හරියනවද බන් "

"කිසිසේත් හරියන් නැහැ ගලක් අරන් නෙලින්න හිතන්නෙ තට්ටෙ හිල් වෙන්න"

"පිස්සු කෙල්ල යමන් දැන් "

සසින්දියි කෞශල්‍යා එතනින් පිටව යද්දි තව කෙනෙක් එතන වෙන දිශාවකින් පිටව ගියා

" මේ බන් උබේ english පොත දියන්කො මගෙ නෝට් ටිකක් සම්පූර්ණ නැහැ "

" මගෙත් නැහැ බන් සම්මානිගෙන් ඉල්ලහන්"

"අනේ බෑ ඒකී අපේ ඇගට පනියි"

"ඇඟට පනින්න ඒකී ගෙම්බෙක්ද යකූ"

සෙවනැල්ල || GL ||Where stories live. Discover now