Chapter 01

9.1K 777 74
                                    

Min Soo 's pov

-" Kum I Ra Myon
    Ije KeonaSuMyon Jebal
    Jong Mal Nega
    Naye Unmyngin Golka
    Non Falling You....
     
-" බේරගනියෝ... අපි ඉතින් falling උනොත් බිමට තමා.."
                         
       Goblin එකේ stay with me කිය කිය ආපු මට උදේ පාන්දර භූමී වන්දනාව කරන්න උන එක ගැන පුදුම සන්තෝසයක් තිබුනේ.. මේ මින්ජුවා ගේ පුරාම සෙල්ලම් බඩු දාලා...තව ටිකෙන් බ්‍රේක් ඩාන්ස් කෑල්ලක් දානවා. වැඩකෑලි දන්න නිසා පශ්චාත් භාගේ විතරයි පොලොව සිපගත්තේ

-" දෝ මින් ජූන්න්න්න්න්න්න්"
                   
උදෙන්ම නැගිට්ට මම සද්ද පූජාව පටන් ගත්තේ හොස්පිටල් යන්න පරක්කු උන නිසයි. එලි වෙනකන් කේඩ්‍රාමා අර පොප් මේ පොප් සේරම අහලා බලලා නිදාගද්දි පාන්දර 4 යි මිත්‍රවරුනී ...

-" දෝ මින් ජුවෝ...උදේට කන්නේ නැද්ද බන්... කෝ මේ තඩියා "
           
ආ මං මේ පන දාගෙන හොයන්නේ මගේ සුවච කීකරු බලු තඩියා...මෑන් කොයිවෙලේත් මිසින්. කුප්ප වැඩ කිව්වොත් මිනිහා අංක එක.. වද දෙන එකමයි වැඩේ

-" යා මම යනවා..එනවකෝ දෝ මින් ජුවෝ.. "

 මේ බතලයට මම වදින්නෙපැයි යකෝ ගෙන්න ගන්න...මේ ගෙදර අයිතිකාරයා වගේ

-" ආ ආවද උතුමානනී... මාගේ ස්වගරාජ්‍ය කෙලෙසන්නේ නැතුව කාලා බීලා කාමරේට වෙලා නිදාගන්න හොදේ... හවසට එන්නම්කෝ ඈ... ආ...කොපීතයාගේ ටැංකිය එහෙම් පෙරලන්නේ නෑ "

බලුගෙඩියා එක්ක තනියෙන් කතා කලේ මට වෙන කවුරුත් නැති නිසා... ආ කොපීත කියන්නේ මගේ ෆයිටර් මාලුවා

            මම කිම් මින් සූ... ඔම්මයි අප්පයි ඉන්නේ දේගූ වල නිසා මම සෝල් වල ඉන්නේ තනියෙම අපාර්ට්මෙන්ට් එකක....මට 26ක් දැන්...මම හේසෝන් හොස්පිටල් එකේ ට්‍රේනින් වෙන ඩොක්ටර් කෙනෙක්...මම  psychiatrist (මනෝවෛද්‍ය / මනෝ චිකිත්සකයෙකු) කෙනෙක්.. ඒ කිව්වට තාම පුහුණු වෙන කෙනෙක්... අවුරුදු ගානක මහන්සිය කැපවීම නිසා මට මගේ හීනෙට යන්න තව ටිකයි තියෙන්නේ .. ඒ උනාට මොන්ගල් ගතිය නම් ඇරිලා නෑ ..පාලුව යන්නත් එක්ක බල්ලෙකුයි මාලුවෙකුයි හදාගත්තා, කොහෙද දැන් මං ඉන්නේ අපේ මින්ජුවගේ ගෙදර.. උතුමානන්ගේ හෙන ගනන්
             
                    ඒ වගේම මගේ පොඩි රහසකුත් තියෙනවා...මට කෙනෙක්ගේ මතකයන් දකින්න පුලුවන් ... ඒ කෙනාව හරි කෙනාට අදාල මොනාහරී දෙයක් ස්පර්ෂ කරලා ඒ ගැන අවදානය දුන්නොත් මට ඒ දෙයට සම්බන්ධ ආසන්නම මතකය දකින්න පුලුවන් ....මේ හැකියාව නිසාම මම මනෝවෛද්‍යවරයෙක් උනා..ඒත් සමහර මතක තාමත් ඔලුවේ දෝන්කාර දෙනවා වගේ...ඒ නිසා මම අත්‍යාවශ්‍යම මොහොතකදී ඇරෙන්න මගේ හැකියාව පාවිච්චි කලේ නෑ..

PSYCHO  || JJK  ✔️Where stories live. Discover now