-හ්‍යුන්ග් ...ජන්ග්කුක් බිබී හිටපු වතුර ටික විසි වෙලා ගිහින් වැදුනේ මින්සුගේ මූනට.... ජන්ග්කුක් දැක්කේ වෙන කවුරුත් නෙමෙයි මෙනු කාඩ් එකට මුවා වෙලා හිටපු ජින්ව..
-" මියානේ මින් සූ "
-" ම්ම්ම් අවුලක් නෑ..මම වොශ්රූම් එකට ගිහින් එන්නම් ... "
මින් සූ මවා ගත්ත හිනාවක් දාලා නැගිටින ගමන් කිව්වා..මින් සූ වොශ්රූම් එකට යනකන් ඉදලා මෙනු කාඩ් එක පහත් කරපු ජින් එයාගෙ ඇස් දෙකට ඇගිලි දෙකක් දික් කරලා ජන්ග්කුක් දිහාවට ඒ ඇගිලි යොමු කලේ
' මම තමුන් දිහා ඇහැගහන් ඉන්නේ '
කියලා කියන්න වගේ... ජන්ග්කුක් අත්දෙකත් බැදගෙන මූන දෙක කරගත්තේ
' මොකද්ද අනේ කියන්න '
වගේ... මොකද ජන්ග්කුක්ට තේරුනා ජින්ගෙන් බේරිමක් නෑ කියලා..
( Author - මේ ටික දෙන්නා බොඩි language එකකින් කියන්නේ හරිද.. )
-මොකද කරන්නේ යන්නකෝ හ්‍යුන්ග්
-කන පලා ගන්නේ නැතුව හිටහන්
- හ්‍යුන්ග් චෙබල්
-පල පල පොඩි එකා
-අන්න එනවා..වැඩේ අල කරන්නෙපා හ්‍යුන්ග් යන්නකෝ
- බෑ.. බුහ් හහ් හා
මින් සූ ආවට පස්සේ ජන්ග්කුක් මින්සුගේ ඇගිල්ලකින්වත් ඇල්ලුවේ නැත්තේ ජින් බලාගෙන හිටපු නිසයි ... ඩිනර් එකත් අරන් ජන්ග්කුක් මින් සූ ව රෑවෙන්න කලින් පරිස්සමෙන් ඇරලලා ආපහු ගෙදර ගියේ ඒ වෙනකන්ම ජින් පස්සෙන් ආපු නිසයි...
-" ශිට් මේ ජින් හ්‍යුන්ග් කෑවනේ මගේ වැඩේ.."
-" යා ජන්ග්කුකා...මම ඔහේට warn කරලා තියෙන්නේ හරී.... "
-" මොකද්ද හ්‍යුන්ග් මම මුකුත් කලේ නෑනේ... "
-" කරන්න කලින් කිව්වේ.. මම යනවා.. "
ජින් ජන්ග්කුක්ටත් බැනලා යද්දි ජන්ග්කුක් එයගේ ගෙදර තිබුන කබඩ් එකක් ඇරලා වයින් බෝතලේකුත් අරන් බොන්න පටන් ගත්තේ දවල් උන සිද්ධිය ගැන හිතමිනුයි... ජන්ග්කුක්ගේ ඔම්මගේ මරණේ කොල්ලාගෙ හිතට තාමත් වද දෙන කාරණයක් වෙලයි තිබුනේ...
.
YOU ARE READING
PSYCHO || JJK ✔️
Fanfictionඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...