- " It' s just a start..Just wait and see mr.jungkook "
මින් සූ කට කොනින් හිනා වෙලා කෑම ටික මේසෙට යවන්න ලෑස්ති කරා... ජන්ග්කුක් තනියෙම ජීවත් උන කෙනෙක් නිසා ඉතින් කොල්ලා අහුවෙන තැනකින් කනවා අහුවෙන තැනක නිදි ... ඒ නිසා ලියෝන් ඇරෙන්න වෙන සර්වන්ට් කෙනෙක් හිටියේ නෑ ජන්ග්කුක්ට ... මේ නිසාම මින් සුට උයන්න උනෙත් තනියම..
________________
-" හේයි ඩාලින්... ශුවර් බබා..ම්ම්ම් ඕකේ... "
.............
-" no problem darling I'll transfer the money .."
..........
-" ඔකේ....උම්ම්ම්ම්ම්ම්හ්... සී යූ සූන් බේබී... "
ජන්ග්කුක් එයාගේ කාමරේට යන ගමන් ආපු කෝල් එක ආන්ස්වර් කරේ හරිම සතුටෙන් මොකද ඒ කෝල් එක ටශීගෙන්... ජන්ග්කුක් හුගක් හිතේ අමාරුවෙන් හිටියේ ටශීව එයාට නැති වෙයි කියලා..ඒ උනත් උදෙන්ම ආපු කෝල් එක නිසා කොල්ලා හැපී එකේ හිටියේ.. හැබැයි උදෙන්ම ටශී නම් කතා කලේ වෙනදා වගේම සල්ලි ඉල්ලගන්න
( Author : අනේ මන්දා කුකියා ඔයා නම්... කපලා මහලා ඇදන් ඉන්නේ )
( කුකී : ඕතර් බබා පීස් මගේ පරම පිවිතුරු ප්‍රේමෙට මුකුත් කියන්නෙපා.. )
( Author : හා.. රීඩර් බබාලා මගේ ඔලුවට කුරිරු ලෙස මොකෙකින් හරි ගහන් යන්න මෙව්වා බලන් ඉන්න බෑ )
ජන්ග්කුක් ඉක්මනට ලෑස්ති වෙලා පහලට ගියේ ටශීව හම්බවෙන්න හිතාගෙනයි ... කොල්ලා ඉක්මනට ඩෙනිමකුයි ටී එකකුයිත් දාගෙන කොන්ඩෙත් අතින් හද හද පහලට ආවේ ඉක්මනට යන්න හිතාගෙනයි...
-" ආ මහත්තයා උදෙන්ම පටන් ගත්තද... මනුස්සයෝ ඊයේ නේද වෙඩින් එක පොඩ්ඩක් ඉන්නවකෝ එක තැනකට වෙලා "
ජන්ග්කුක් දොරෙන් එලියට අඩිය තියද්දිම ජන්ග්කුක්ගෙ අප්පා කෑගහුවේ කෑම මේසේ ඉදන්...මොකද මින් සූ ජන්ග්කුක් හොරෙන් එලියට යන්න හදන බව ජන්ග්කුක්ගේ අප්පට කියලා තිබුනේ...
- හොද වැඩේ
-" අප්පා මම මේ කම්පැනි එකේ වැඩකට යන්නේ... "
ජන්ග්කුක්ට කියන්න දෙයක් නැති කමට කිව්වා..
-" අනේ මායි තමුනුයි දන්න බිස්නස්...මෙන්න මෙහේ එනවා කන්න...මේ දරුවා අමාරුවෙන් කෑමත් හදලා තියෙන්නේ .. "

YOU ARE READING
PSYCHO || JJK ✔️
Fanfictionඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...