Chapter 19

2.7K 564 31
                                    

ජන්ග්කුක් හන්ජේවත් වඩාගෙනම නැගිට්ටේ කොල්ලට තඩි කෙල ගුලියක් ගිලෙද්දියි...

-" මින්සු තමුන් මොකද මෙහේ... "

" අප්පා......... "

" දැන්ම බහිනවා එලියට.. "

-" ම්ම් ... අපි යන් ජන්ග්කුක්... "

මින්සු කියද්දි ජන්ග්කුක් මාරුවෙන් මාරුවට අප්පගෙයි මින්සුගෙයි මූනු දිහා බලන් ඉදියේ බය වෙලා වගෙයි.. කොල්ලා මොනා උනත් මාමන්ඩිට බයයි

-" නෑ නෑ දෙන්නම ඉන්න.. මහත්තයා මොකද මේ බබෙක් වගේ.. අර දරුවත් දැන් අපේම කෙනෙක් නේ... පුතේ ඔයාලා කෑවද.. "

මින් සූගේ ඔම්මා කියද්දි මින්සුගේ අප්පා ඔරවන්න ගත්තා ජන්ග්කුක්ට.. ජන්ග්කුක් නම් හීන් දාඩිය දාලා හිටියේ..

- " ඔව් ඔම්මා... "

මින්සූ කියන ගමන් එයාගෙ ඔම්මගෙ පිටිපස්සෙන් යන්න ගියා..

- " පැටියෝ ඔයා ගිහින් වැඩ කරන්න... මම පුංචිට උදව්ව ක් දීලා එන්නම්... "

ජන්ග්කුක් ලෑස්ති උනේ හන් ජේව යවලා මින්සුගේ පස්සෙන් යන්න.. ඒත් ඒක හරි ගියේ නම් නෑ..

-" තමුන්... ඔය කුක් ද ජුක් ද මෙහෙ එනවා... "

මින්සුගෙ අප්පා කියද්දි කොල්ලා එක සීරුවෙන් නැවතිලා හිමින් හිමින් හැරුනේ මවාගත්තු හිනාවක් එක්කයි..

- යකෝ මාමන්ඩියා මාව එලවයිද මන්දා.

ජන්ග්කුක් අහිංසකයා වගේ ගිහින් මින්සුගෙ අප්පාට ඉස්සරහින් වාඩි උනේ කරගන්න දෙයක් නැතිකමටයි..

-" නම මොකද්ද "

-" ජන්ග්කුක්... "

-" ජන්ග්කුක් විතරද .. "

මින්සුගේ අප්පා අහන්නේ කුක්ව පනපිටින් ගිලින්න බලාගෙන..

- " ජියෝන් ජන්ග්කුක් ... "

-" පවුල ගැන කියන්න බලන්න.. "

- " ඔම්මයි අප්පයි නෑ මං විතරයි ඉන්නේ.. "

" ම්ම්ම් .. දැන් මොකද්ද කරන රස්සාව ? "

- " ජියෝන් ගෲප්ස් වල අයිතිකාරයා මම "

ජන්ග්කුක් උත්තර දුන්නේ බොහොම සන්සුන්ව උනත් ඇතුලෙන් කොල්ලගේ හාට් එක ගැලවිලා වැටෙන සයිස් එකට තිබ්බේ..

PSYCHO  || JJK  ✔️Kde žijí příběhy. Začni objevovat