Chapter 21 - Last Chapter

5.4K 744 609
                                    

" වන් ...ටූ ...ත්‍රි... වන්... ටූ ත්‍රි.... electric shock එකක් දෙන්න ජූල් 200...................................."

ඒ ජන්ග්කුක්ට ඇස් පියවෙන්න කලින් ඇහුන අන්තිම වචන කීපය.........

________________________________

Few minutes later....

- " කුකියා කුකියා... මූව උස්සපන් බලන් ඉන්නේ අලේ වගේ... "

ජින්ගේ බෙරිහන් දෙවිල්ලට අනික් අයත් ඇතුලට යද්දි දැක්කේ බිම වැටිලා හිටපු ජන්ග්කුක්වත් , මින්සුව බේරගන්න උපරිම උත්සහයක් දරන ජින්ව...

කොල්ලෝ ටික ජන්ග්කුක්ව අරගෙන ගියේ තිබුන vip රූම් එකකට... මොකද කොල්ලට සිහිය ආවොත් කොයි වෙලේහරි පිස්සු නටන බව කට්ටියම දැනන් හිටියා..

__________________________________

36 hours later....
@JK's house

- " මින්සූ..... මින්සූ..... "

දවස් එකහාමාරක් විතර සිහි නැතිව ඉදපු ජන්ග්කුක් නැගිට්ටේ කලබලෙන් වගේ... කොල්ලා නැගිටපු ගමන් හෙව්වේ මින්සුව...

- " කුකියා... දැන් අවුලක් නෑ නේද... "

ටේ ඇහුවා..

- " ජිනා... කුකියා නැගිටලා .... "

ඒ අතරේ යුන්ගි ගියේ ජින්ව හොයාගෙන..

ජන්ග්කුක් හැමෝ දිහාම බල බල ගියේ අද කට්ටියම සුදු ඇදගෙන නිසයි... ජන්ග්කුක් පිස්සුවෙන් වගේ ගේ පුරහම කෑගගහා හෙව්වේ තමන්ට හුරුපුරුදු ඒ ආදරනීය ඇස්...

- " ජන්ග්කුක් මින්ඩිව බලන්න... ඒ ලමයා ඊයේ රෑ ඉදන් අඩන්නේ... යුන්හී යන්තම් නලවගත්තේ... "

- " මින්ඩී... මොන මින්ඩියෙක්ද... කෝ මගෙ මින්සු... "

- " ජන්ග්කුක් උන දේ උනා... දැන්වත් අර දරුවා බලපන්... ඒ අසරණ දරුවට අම්මත් නෑ... උබ පිස්සෙක්ද යකෝ... "

ජන්ග්කුක් කෑගහද්දි යුන්ගි කිව්වේ තරහෙන් පුපුරන ගමන්...

- " මට ඇති දරුවෙක් නෑ... මගෙ මින්සුව මරාගත්තු එකියක් මට කොහොමත් වැඩක් නෑ... ලියෝන්............ කාර් එක ගන්නවා... පල්ලී... "

කොල්ලා ගන් එකත් අරන් ඉනේ ගහගන්න ගමන් කෑගැහුවේ ඇසුත් රතු කරන් කේන්තියෙන් දැවෙමිනුයි...

PSYCHO  || JJK  ✔️Opowieści tętniące życiem. Odkryj je teraz