Chapter 02

3.5K 685 40
                                    

Min Soo 's pov --------------------------------

-" ඔම්මා...what the hell?  ඈ යකෝ බීලා වැඩි වෙලාද මට මේ විකාර පේන්නේ..."

මම දැක්කේ පාර මැද මනුස්සයෙක් ලේ පෙරන් ඉන්නවා... බය උන පාර මගේ ඉක්කාවත් ගියා... බොහොම අමාරුවෙන් බ්‍රේක් කරලා කාර් එක නවත්තගත්තු මම ඇස් දෙකත් පිහදලා බැලුවේ මේක මගේ හිතලුවක්ද කියලයි...

-" හීනයක් නෙමේ....මූ ඒලියන් කෙනෙක්ද දන්නේ එක පාර පාත් උනේ...වැම්පයර් කෙනෙක්වත්ද...හහ් යා මින්සු ඔහේ ඩ්‍රමා බලනවා නම් හොදටම වැඩී...කෝ ඇත්තට මූ..."

මම මටම කියාගන්න ගමන් ඉක්මනට කාර් එකෙන් බැස්සේ කවුද කියලා බලන්න... මොකද මම බ්‍රේක් කරාට පස්සේ එයා හිටියේ නෑ.. බලද්දි ඒ මනුස්සයා බිම වැටිලා අමාරුවෙනුයි හිටියේ.... සෑහෙන්න බ්ලීඩ් වෙලා තිබුනේ...මට වෙරිත් හිදුනා... ඉක්කාවත් කොහෙන් ගියාද මන්දා..

-" හේයි... මිස්ටර් ... "

මම තට්ටු කරත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ... ඒ නිසාම මම නාඩි පරික්ශා කරලා බැලුවා... යන්තමින් වගේ දැනුන හාට් බීට් එක එන්න එන්නම වීක් වෙලයි තිබුනේ... දාලා යන්න බැරිකමටම මම අමාරුවෙන් එයාවත් එයාගේ බ්‍රීෆ් කේස් එකත් කාර් එකටත් දාගෙන ජින් ඔප්පට කෝල් කරේ මේ වෙලාවේ හොස්පිටල් යනවට වඩා ලගම එයා ලගට යන එක නිසයි... මොකද හුගක් බ්ලීඩ් වෙලා තිබුන නිසා හොස්පිටල් එකට යද්දි ජීවිතේ බේරෙන්න තියෙන ඉඩ හුගක් අඩුයි


Few moments later ---------------------------------

-" මින්සූ...තමුසේ මූව හැප්පුවද... "

මම අමාරුවෙන් ඒ කොල්ලව අරන් එද්දි ජින් ඔප්පා ඇහුවේ ඇසුත් ලොකු කරගෙනයි...

-" අනී... මෙයාට බුලට් එකක් වැදිලා... "

-" මොහ්...මේ ඔයාගේ කව්ද... "

-" ඔප්පා මං පස්සේ විස්තර කියන්නම්.... මෙයාට බෙහෙත් දාන්න මුලින්ම ...පල්ලී "

-" අල ගෙඩිය වගේ ඉන්නෙ මට උදව් කරනවා... 😒😒😒 "

මම කියද්දි ජින් ඔප්පා එයාවත් වත්තම් කරගෙන ගියේ මටත් ඔරවන ගමනුයි...මම දැක්කේ එක බුලට් එකක් වැදුන තුවාලයක් උනත් උනත් ජින් ඔප්පා බෙහෙත් දාන්න ගද්දි බුලට් දෙකක් තිබුනා...ඒ වගේම ඇගේ බඩ ලගම තවත් කැලලකුත් තිබුනා...ජින් ඔප්පා මැහුම් දාන්න ගත්තේ මට ඔරවගෙනයි....ඒ අතරේ මං කල්පනා කලේ ඔප්පට කියන බොරුව මොකද්ද කියලයි...පැයක් විතර යද්දි ජින් ඔප්පා එයාට මැහුම් දාලා ඇදුමුත් මාරු කරේ ඔප්පගේ ශර්ට් එකක් අන්දලයි...ඒ ඉවර වෙලා ඔප්පා මං ලගට ආවේ බැරෑරුම් මූනක් එක්කයි....

PSYCHO  || JJK  ✔️Donde viven las historias. Descúbrelo ahora