-" අප්පා "
ජන්ග්කුක්ට ඒ වෙලේ මතක් උනේ තමන්ගේ අප්පා තනියෙන් නේද කියලයි... කොල්ලා හීයක වේගෙන් ගේ පැත්තට දුවන්න ගත්තේ මුකුත් හිතාගන්න බැරුවයි....
-" අප්පා... අප්පා.... "
කොල්ලා ගේ පුරහම හෙව්වත් ජන්ග්කුක්ට එයාගෙ අප්පව නම් හොයාගන්න පුලුවන් උනේ නෑ... ඒ වෙනුවට ජන්ග්කුක්ට හම්බුනේ පොඩි කොල කෑල්ලක් එක්ක ගහලා තිබුන බෝනික්කෙක්.... රතුපාටෙන් හැමතැනම ඇදලා තිබුන බෝනික්කගේ ඇග පුරා පොඩි පොඩි කිණිසි වලින් ඇනලා තිබුනේ..
-" මෙ පටන් ගැන්ම විතරයි... කරපු දේවල් වලට පසු තැවෙන්න සූදානම් වෙන්න... JK උබට ලගදිම අඩන්න වෙයි.. "
ඒ කොලයේ සටහන් වෙලා තිබුනේ මේ වචන ටික විතරයි... ඒක කියවපු ජන්ග්කුක් වියරුවෙන් වගේ කෑගහන්න ගත්තේ මුකුත් හිතාගන්න බැරුව... මින්සුටත් බයටම ඇස් අගටම කදුලු පිරිලයි තිබුනේ...
ඒ එක්කම ජිමින්ගෙන් කෝල් එකක් එද්දි ජන්ග්කුක් බයෙන් වගේ ආන්සර් කරේ මොනා වෙලාද කියලා හිතාගන්න බැරුවයි..
-" යෝබොසෙයෝ .. "
-" ජන්ග්කුකා.. මට කියන්න බැරි උනා... අප්පා මං එක්ක... මම ඔහෙට ආපු වෙලේ අප්පට කම්මැලී කිව්වා ඉතින් අද මම ලීව් නිසා එක්කන් ආවා"
-"කුමාවෝ හ්යුන්ග්... මම ඉක්මනට එන්නම්... "
ජන්ග්කුක් සැනසුම් සුසුම් හෙලුවේ කරදරයක් නොවුන බව දැනගත්ත නිසයි... ඒ එක්කම කොල්ලා ලියෝන්ට කතා කරලා සේරම බලාගන්න කියන ගමන් මින්සුවත් එක්කගෙන ගියේ ජිමින්ගේ ගෙදරට
Time passed
මින්සූ ජන්ග්කුක්ගේ අප්පා ලග ඉන්න අතරේ ජන්ග්කුක් ජිමින් එක්ක කතාවට වැටුනේ උන දේ හිතාගන්න බැරුව
-" යා කුකියා ඔහේ කියනකන් මං දන්නේ නෑනේ ... එහෙනම් වෙලාවට මම අංකල්ව එක්කන් ආවේ.. "
-" ම්ම් කුමාවෝ හ්යුන්ග්... "
-" ජන්ග්කුක් ටික කාලෙකට ඉන්න තැන වෙනස් කලොත් මොකද...? මින්සුටත් කරදරයක් වෙන්න බැරි නෑ... අන්කල්ව මම මෙහේ තියාගන්නම් ටික දවසක්... "

ВЫ ЧИТАЕТЕ
PSYCHO || JJK ✔️
Фанфикඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ ද...