" අ..අනේ.. ඒක මට දෙන්න... ඒක මගේනේ.... දෙන්නකෝ...."
" ඒක ඔනෙද... එහෙනම් ඒ වෙනුවට මට වෙන දෙයක් දෙන්න වෙයි 😀....."
" අනේ... ම..මන් ලග මොක..මොකුත් නෑනේ.... ඒක දෙන්න... අනේ.... "
ජිමින් බයෙන් බිම බලාගෙන කියද්දී තවත් කොහෙන්දෝ ආපු කොල්ලෝ ටිකක් එතන වට උනා. ජිමින් ඔලුව උස්සලා අසරන විදිහට ඒ අය දිහා බැලුවේ මට මොනාද මෙයාලා කරන්න යන්නේ කියලා හිතලා බයෙනුයි.
ජිමින්ට මතක් උනා ඒ අයගේ මහා දාමරික මූනු දැක්කම 'මේ ගැන්ග් වල කොල්ලෝ එකතු වෙලා ලමයින්ව බුලී කරන කතා එහෙමත්. ඒවනම් හුගාක් දරුනුයි. ජිමින්ගේ කකුල් දෙකම පන නැති වෙන්න වගෙයි දැන්නම්. එයා දැක්කේ තවත් කොල්ලෝ කෙල්ලෝ වටවෙලා එයාව වීඩියෝ කරන්න ඉස්සරහට එන හැටියි.
ජිමින් ඉස්සිලා සුගා දිහා බැලුවේ අනේ උදව් කරන්න කියලා ඉල්ලන්න වගෙයි. සුගාගේ අතේ දැවටි දැවටි ඉන්න කෙල්ලත් එක්ක සුගා ජිමින් දිහා බල බල හොදට හිනාවෙන හැටි දැක්ක ජිමින්ට කොහෙටද දුවා ගන්නේ කියලත් අමතක උනා.ජිමින්ගේ මූන ඉස්සරහින් හිටගත්ත තවත් කොල්ලෙක් ජිමින්ගේ නිකටින් අල්ලලා මූන උඩට ඉස්සුවා. ඒ දාමරික කොල්ලා ජිමින්ගේ ස්කාෆ් එක ගලවන්න ලෑස්ති උනේ ජිමින්ගේ මූන කට්ටියටම පේන්න ඉඩ හදාගෙන කැත විදිහට හිනාවෙන ගමනුයි.
" ඒයි... මොකක්ද ඔහෙලා මෙතන කරන්නේ... ආ... "
එකපාරටම හැමෝවම දෙදරලා යන්න උස් කටහඩක් පිටිපස්සෙන් ඇහුනා.
කොල්ලෝ ටික පිටිපස්ස හැරිලා බැලුවේ ඒ අහලා පුරුදු කරහඩක් නිසයි. තවත් හැන්ඩි කොල්ලෝ දෙන්නෙක් එයාගේ දෙපැත්තෙන් හිටගෙන හිටියා වගේම එයාගේ වටේට කොල්ලෝ කෙල්ලොත් වටවෙලා හිටියා. ඒ කෙනාව දැක්කා විතරයි ජිමින්ව වට කරන් හිටපු ලමයි හොදටම බය උනා." එහට යනවා... "
ටිකක් ඉස්සරහට ඇවිදන් ආපු ඒ කෙනා එයාගේ ඉස්සරහයින් පාර හරස් කරන් හිටපු එක දාමරික කොල්ලෙක්ට උස් හඩින් කිව්වා.
YOU ARE READING
~ U̶g̶l̶y̶ ~
Romance𝙈𝙮 𝙨𝙩𝙚𝙥 𝙗𝙧𝙤𝙩𝙝𝙚𝙧 ❤ 🐥මන් වගේ කැත මල්ලි කෙනෙක් එක්ක පාරේ යන එක හෙයොන්ට ලැජ්ජාවක් නේද...? 🙁 🐯 ඔහේ මගේ මල්ලි නෙවෙයි.. 🤬 🐥 ඔයාට කවදාවත්ම බැරිවෙයිද මාව ඔයාගේ මල්ලි හැටියට පිලිගන්න...🙁 🐯 ඒක වෙන්නේ නෑ.. 🐥 කමක් නෑ.. මන් හෙයොන් ලගින්ම ඉන්...