25. ස්කාෆ් එක☔︎

747 159 161
                                    

හුගාක් වෙලාවට තමන් වැඩියෙන්ම ආදරේ කෙනයි තමන්ට වැඩියෙන්ම රිද්දන්නෙ. කොච්චර රිද්දුවත් අනේ ඒ ආදරේ ලැබෙනකල් හිතට සැනසුමක් නෑ. දුර ඉදන් බලාගෙන අනේ ඔයා මගෙ වෙනවනම් කියනකොට දැනෙන වේදනාව පපුව කිතු කිතු කරලා දානවා.
ආදරේ කියන වචනේ අන්න එහෙමයි. කෙනෙක්ට ඒ හැගීම බොලද වෙද්දි තව කෙනෙක්ට පට්ට හැගීමක්. ඒ හැගීම ලැබෙනකල් අයදිනවා හිගා කනවා හූල්ලනවා.

උදේ 10.35යි.

ජිමින් දෑතින්ම ඔලුව අල්ලගෙන ඇදේ ඉද ගත්තේ ඔලුව ඇතුලේ මිසයිල ගහනවා වගේ වේදනාවෙන්.

" අහ්ම්..."

පුංචි කෙදිරිල්ලක් ඒ කටින් පිට උනා යාන්තමට වගේ. ඇස් බර වෙලා. කොච්චර උත්සාහා කලත් ඇස් ඇරගන්න බෑ ඒවා හුගාක් බර වෙලා තිබුනා. යාන්තමට කොට්ටේ යටට අත යැව්වේ ෆෝන් එක හොයා ගන්නවගෙයි. ඒත් ජිමින්ගේ අතට අහු උනේ හුගාක් ශක්තිමත් අතක්. ' මේ සුගා හෙයොන් නෙවේ' ජිමින්ගේ හිත කියද්දිම නින්දෙන්ම ගැස්සුනු පාර බර ඇස් හොදටම ඇරුනා. යාන්තමට රතු වෙච්ච ඇස් දිව්වේ කාගෙද ඒ අත කියල බලන්නයි.

" දෙ...දෙ.....වි..."

ජිමින්ට ගොත ගැහුනා. ජැක්සන්ගේ අත උඩයි ජිමින් මුලු රෑම සිහියක් නැතුව නිදාගෙන තියෙන්නේ. ජිමින් දැක්කා එයාගේ කෙල ජැක්සන්ගේ අතෙත් ගෑවිලා තියෙනවා. ජිමින් ඒත් එක්කම ඇදෙන් බිමට පැනලා කලබලෙන්වගේ එයාගේ මුලු ඇග දිහා බැලුවා. ඒ ක්ශනික මූන අල්ලලා බැලුවා මාස්ක් එක තාමත් එහෙමම තියෙනවද කියලා. ඔව් ඒක තාමත් තියෙනවා.

' මම ජරා ගොඩාක්.'
ටිකක් වෙලා යද්දී එයාගෙන් එන ගදත් එක්ක නහය තද කරගෙන අප්පිරියාවෙන් කියලා දැම්මා.

සක්කු පවා අත ගාද්දී ජිමින්ගේ ඔලුවට එක එක දේවල් එන්න පටන් ගත්තා. ටික ටික හොද සිහියට එද්දී ඊයේ රෑ උනේ මොනාද කියලා විතරක් නෙවේ මුලු රෑම ගෙදර නොයා මෙතන ඉද්දී සුගා හෙයොන් තනියම මොනා කරගෙනද කියන මහ බයත් ජිමින්ට ආවා

" කෝ දෙවියනේ මගේ ෆෝන් එක"

ජිමින් අඩන්න වගේ කටහඩකින් මිමිනුවා.

~ U̶g̶l̶y̶ ~Where stories live. Discover now