14• වැරැද්දක් උනා ☔︎

1.2K 269 228
                                    

         කාමරේට ගිහින් දොර වහගත්තු සුගා එහෙමම බිම වාඩි වුනේ, ඔලුව පැලෙන්න තරම් රිදුනු නිසයි. එහෙමම දනිස් දෙක පපුවට තද කරගෙන සුගා ඔලුව තියා ගත්තා.

    " ඔම්මා.... අ...අනේ..මට කියන්න... ම..ම.. මො..කක්ද...මේ...කරන්නේ... මම..වැරැ....ද්..දක් කලාද... මම දන්නෑ.. මට..දැ..නෙන්නේ..මම...මම... ජිමින්..ට... වැරැද්ද..ක් කලා වගෙයි... ඇයි... මට එහෙම දැනෙන්නේ... ඔ..ම්මා.... මට... කියන්..න....."

     සුගාගේ කටහඩ එන්න එන්නම බර උනා. වචන එකින් එක ගොත ගැහුනා. තමන් එක්කම තනියෙම සුගා කතා කරන්න පටන් ගත්තා. අයෙමත් මැවි මැවි එකම දෙයක් පෙනුනා. ජිමින්ගේ ඒ ලස්ස්න ඇස්... එයාගෙම ඔම්මගේ ලස්සන ඇස්... අන්තිමට ජිමින්ම විතරක් සුගාගේ ඇස් අස්සේ නතරවෙලා සුගා එක්ක ආදරෙන් හිනා වෙන්න පටන් ගත්තා.. සුගාට ඔනෙ උනත් ජිමින්ව ලගට ඇදලා අරගන්න

   "මේක නිකන්ම හීනයක්.... "

   ජිමින් හීනෙන් ඈතට දුවගෙන යද්දී සුගාට මැවිලා පෙවුනේ
        ජිමින්ව පඩිපෙලෙන් පහලට තල්ලු කරපු දවස. එදා සුගා හුගාක් බීලයි හිටියේ. සුගා බීලා ගෙදර එද්දී ජිමින් හිටියේ කිචන් එකේ වතුර බීලා වීදුරුව තියන්න ඔන්න මෙන්න වගේ ඉද්දී. සුගා එකපාරටම දොර හයියෙන් ඇරගෙන ගෙට ආවා. දොර බිත්තියේ වැදෙදී එ සද්දේ මුලු ගෙදරම දෝන්කාර දුන්නා. ජිමින්ට කර කියාගන්න දෙයක් නැති උනා. සුගා දැක්කා ජිමින් ඉන්නවා පහල. ඉස්සරහට තිබ්බ අඩි පුදුම වේගෙකින් දෙපාරක් නොහිතම ජිමින් දිහාවටම ඇදුනා. අප්පා ජිමින්ගේ ඔලුව අත ගාපු තරහිනුයි සුගා එදා හිටියේ. ඔනාවට වඩා අප්පා ජිමින් ගැන, තමන්ගේ වඩා හිතනවා කියන නරක සිහිකල්පනාවකයි සුගා හිටියේ. ඒ හැමදේම සුගා කාරට කියද්දී කාරා තවත් විසබීජ සුගාගේ ඔලුවට දැම්මා.. ඉතින් ජිමින්ව දකිද්දී කාර කිව්ව හැම වචනයක්පාසම සුගාගේ කන් දෙක ඇතුලෙන් දෝන්කාර දුන්නා. හරියට මන්තරයක් මතුරනවා වගේ එක දිගට කාර කියපු දේවල් ආයි ආයි ඇහුනා.

සුගා ලගට එද්දීම ජිමින් කලේ සුගාට අහුවෙන්න කලින් කාමරේට දුවාගත්තු එක. කාමරේට දුවාගන්නවා කුයලා හිතුවත්, අසරණ ජිමින්ට පුලුවන් උනේ පඩිපෙලේ උඩම පඩියට  නැගගන්න විතරයි. සුගාගේ ටිකක් දිග කොන්ඩෙන් ඇදලා අල්ල ගත්ත සුගා ජිමින්ට කෑගලා බැන්නා. සුගාගේ කටින් පිට උනු ඒ වචන වලට හිත රිදෙද්දී ජිමින්ගේ ඔලුව පුදුම විදිහට රිදෙන්න ගත්තා. සුගාගේ ඇගිලි අතරට ජිමින්ගේ කොන්ඩේ  තදින්ම අහුවෙලා තිබුනා. ජිමින්ට කෑ ගැහුනා. ජිමින් අඩනවා.. කෑ ගහලා උදව් ඉල්ලුවා... කාට කියලා ඇහෙන්නද.. මේ විශාල ගෙදර ඒ ද්ව්න්නා විතරමයිනේ ඉන්නේ... අවට කියලා ගෙවල් තිබ්බෙත් නෑ.. කාටවත්ම ජිමින්ගේ වේදනාව ඇහුනෙත් නෑ. අවසිහියෙන් වගේම කෙලින් හිටගන්නවත් බැරි සුගාගේ කකුල පෙරලෙද්දී සුගා ජිමින්ට බර උනා. ඒ වෙලාවේ ජිමින් හිටියේ උඩම පඩියේ අග්ගිසෙම වගෙයි. සුගා ඉස්සර බර වෙද්දී ජිමින්ව පිටිපස්සට බර උනා. ජිමින් පඩිපෙල පල්ලෙහාට රෝල්වෙලා ගියා. ඔලුවත් එක්කම ජිමින්ගේ බඩත් කීප පාරක්ම වැදුනා.

~ U̶g̶l̶y̶ ~Where stories live. Discover now