~🙋hi~****
තඩි සූට් කේස් ටිකත් බරට බරේ උස්සගෙන කකුලෙන් ගහලා ගේට් එක ඇර ගත්තේ පුදුම අමාරුවකින්. හොද හුස්මකුත් අරගෙන ඇස් මානේ ගේ පේන්න තියෙනවා දැකලා සතුටින් තව චුට්ටයි තව් චුට්ටයි ගගා වත්තට පය තිබ්බේ ඉක්මන්ට මේ බර ගේ ඇතුලෙන් තියලා නිදහස් වෙන්න හිතාගෙනයි.
" ඇ...ඇ... ඈආආආආඅ😱😱 ඔම්මේඒඒඒඒඒඒ බෙ...බේර... බේර ගන්නෝඕඕඕඔ..... 😱😱😩😭😭😭😭😭😭😭😭😭😭😭😭....."
ගිරිය යටින් කෑ ගහගෙන සූට් කේස් ටිකත් එක්කම, පෙරේතයා පොලේ ගැහුවා වගේ බිම ඇදගෙන වැටුනේ කොහෙන්දෝ කඩන් පාත් උනු *තඩි කලු බලු තඩියෙක් ඇගටම බුරාගෙන පැන්න නිසයි.
ඒත් එක්කම ඈතින් ඇහුනු ස්වාමියාගේ කටහඩට බයේ තඩි කලු බල්ලා පුංචි බලු පැටියෙක් වගේ කෙදිරිගාන් නැට්ටත් කෙලින් කරගෙන පස්ස නොබලම ඇතුලට දුවගෙන ගියා.
" ම...ම...ම...ම..ගේ රන් කද..........😱 කෝ බලන්න... අනේ ඔයාට තුවාලද.....👀 අනේ මගේ රන් කද.....😱☹️"
තුවාලදත් අහනවා... බල්ලා බුරාගෙන පැන්නා විතරයි එයාගේ රන්කද සූට් කේස් ටිකත් එක්කම බිම. ඒකනම් කමක් නෑ කියමු ලැජ්ජාවේ උපරිම කියන්නේ බල්ලට බයේ කෑ ගගහා අඩන්නත් පටන් ගත්ත එකනේ. රන්කද බිමට වැටුනු පාර තඩි සූට් කේස් එකේ අන්ඩ නහයේ වැදිලා නහය ගන්න දෙයක් නෑ ජම්බෝල ගෙඩියක් වගේ වෙලා රතුම රතුපාටයි දැම්.
බල්ලගේ ස්වාමිපුරුශයා ඕන් එනවා හිනාවෙවී බිම වැටුනු රන්කදට කෝමද බලන්න...
" මට අමතක උනානේ කියන්න... සැමීව ගෙට ගැහලා නෑ කියලා... ඒකා බිරුවට කන්නේ නෑ පුතා... කෝ බලන්න ඔයා හොදින්ද..."
බිරුවට කන්නෑලූ ඒක කලින්ම දන්නවනම් අරම බය වෙන්නැතුව නහයත් බේර ගෙන මෙච්චර ලැජ්ජ නොවී ඉන්න තිබ්බා. එහෙම හිත හිත සූට් කේස් ටික ඇගෙන් එහාට කරගෙන් රන් කද නැගිටේ ලැජ්ජාවෙන් මූනත් වහගෙනයි.
" එන්න එන්න ඇතුලට යමු... මන් මේ ටික ගන්නම්... ජී වූ..... පුතාගේ නහයට අයිස් ටිකක් තියන්න..."
" ඕ....☹️ එන්න රන් කද... ☹️ඕහ්... අනේ....☹️ රිදෙනවද පැට්ටෝ....☹️"
මේ රන්කද ගගා ඇතුලට එක්කන් යන්නේ එයාගේ ආදරනීය ඔම්මා. ඔම්මගේ රන් කද... 🤣 පොඩි එකෙක් වගේ හුරතල් කලාට මොකද මේ රන්කදට දැන් අවුරුදු 18කුත් වෙනවා. ඒත් ඕනම කෙනෙක්ට බැලූ බැල්මට පේන්නේ පුංචිම පුංචි කොල්ලෙක් වගෙයි. ඔව් එයා ඒ තරම්ම පුංචි පාටයි. වයස අවුරුදු 18 සම්පුර උනත් ඔහුගේ පෙනුම අවුරුදු 16 විතර වගෙයි.
YOU ARE READING
~ U̶g̶l̶y̶ ~
Romance𝙈𝙮 𝙨𝙩𝙚𝙥 𝙗𝙧𝙤𝙩𝙝𝙚𝙧 ❤ 🐥මන් වගේ කැත මල්ලි කෙනෙක් එක්ක පාරේ යන එක හෙයොන්ට ලැජ්ජාවක් නේද...? 🙁 🐯 ඔහේ මගේ මල්ලි නෙවෙයි.. 🤬 🐥 ඔයාට කවදාවත්ම බැරිවෙයිද මාව ඔයාගේ මල්ලි හැටියට පිලිගන්න...🙁 🐯 ඒක වෙන්නේ නෑ.. 🐥 කමක් නෑ.. මන් හෙයොන් ලගින්ම ඉන්...