𝓜𝓨 𝓓𝓻 𝓙𝓲𝓶𝓲𝓷,
කොහොමද ජිමිනා.... හ්ම්... මට හදිස්සියේම ගෙදරින් යන්න වුනා. ඔයාට තවත් වදයක් වෙන්නත් මට බෑනේ. මට කරපු හැම දේකට ඔයාට ගොඩාක් ස්තූතී කරන්න ඔනේ. වචනෙන් කියන්න බැරි තරම් මම ඔයාට ස්තූති වන්ත වෙනවා. මාව මේ තත්වෙට ගන්න ලග හිටියෙත් මාව බලා ගත්තෙත් ඔයා ඒ වගේම මාව සනීප කලේ ඔයා. වෙන මොන ඩොක්ට කෙනෙක්වත් නෙවේ. ඔයා හිටියේ නැත්තම් මට මොනා වෙයිද දන්නෑ. මට ඔයා වගේ මල්ලියෙක් ලැබුනු එක ගැන මම ආඩම්බර වෙනවා. ආඩම්බරකමට වඩා ඒ හැගීම වෙනස් එකක්. මට සමාව දෙන්න... හැමදේකටම.. ඇත්තටම මට එහෙම කියන්න විතරයි පුලුවන්. මම හොදින් ඉන්නවා. මම දන්නවා ඔයා මට ආදරෙයි. ගොඩාක්. ඒ නිසයි මම මේක ලියන්නෙත්. ඔයා දැන් මගේ මූන ඉස්සරහටවත් එන්න ආස නැතුව ඇති. දේවල් නිසා මට වයිර කලාට ඔයා මන් ගැන හොයනවා කියලා මම දන්නවා. ඒකයි මම මේක ලියලා ඔයාට එවන්නේ.
ආ ජිමිනා... මම මේ ඉන්න තැන හුගාක් ලස්සනයි.. ම්... ඒත් කියා ගන්න බැරි තරම් පාලුයි. මෙතන ලොකු අඩුවක් තියෙනවා. මන් හිතන්නේ මගේ හදවතින් කොටසක් ඔයා ලග දාලා ඇවිල්ලද කොහෙද. ඔහෙන් ආපු කාලේ ඉදන්ම මගේ පපුව හුගාක් රිදෙනවා.. ආහ් ජිමිනා... මම බෙහෙත් වෙලාවටම බොනවා.. දැන් ඒවා බොන්න ඔන වෙන එකක් නෑ කියලයි මම හිතන්නේ.. හෝ හෝ බයින්න නේද හදන්නේ.... මම ඒවා ඔක්කොම හරියට ගන්නම්... ඔයා එක ගැන වද වෙන්න එපා.... හ්ම්....
ජිමිනා ඔයා හොදින් නේද..? මට දැන ගන්න ඔනේ එච්චරයි. ඒත් මට ඒක දැන ගන්න විදිහක් නෑ.. එක මට හුගාක් වද දෙනවා... ඔයාට පුලුවන් නේද ඔයා ආදරේ කරන සුගා හෙයොන් වෙනුවෙන් හිනාවෙලා හොදින් ඉන්න.. මම ඔයාගෙන් ඉල්ලන එකම දේ එච්චරයි.. මම මගේ මල්ලිට ගොඩාක් ආදරෙයි.... මල්ලි කෙනෙක්ටත් වඩා ඔයා මට දැනුනු කෙනෙක්... ඊලග ආත්මෙදි අපි ආයි මුන ගැහුනොත්... මම ප්‍රාර්තන කරනවා ඔයාට ඉන්න විශේශම කෙනා මම වෙලා ඉපදෙන්න කියලා.𝓢𝓾𝓰𝓪 𝓱𝔂𝓾𝓷𝓰_
සුගා යන්න ගිහින් හරියටම මාස හයකුත් වෙද්දී ජිමින්ගේ අතට ලියුමක් හම්බ වෙනවා. ජිමින් ඒක අඩ අඩ කියෝපූ හැටි දැක්කේ යොන්ජුන් විතරයි. ජිමින් එයාගේ කාමරේ කන්නාඩිය දිහාට දුවගෙන ගිහින් අත මිට මොලවලා ගහන්න ගියත් එයාව යොන්ජුන් නැවැත්තුවා.. මේ කේන්තිය... සුගා නිසාද... නෑ ඒ එයා නිසාමයි...
YOU ARE READING
~ U̶g̶l̶y̶ ~
Romance𝙈𝙮 𝙨𝙩𝙚𝙥 𝙗𝙧𝙤𝙩𝙝𝙚𝙧 ❤ 🐥මන් වගේ කැත මල්ලි කෙනෙක් එක්ක පාරේ යන එක හෙයොන්ට ලැජ්ජාවක් නේද...? 🙁 🐯 ඔහේ මගේ මල්ලි නෙවෙයි.. 🤬 🐥 ඔයාට කවදාවත්ම බැරිවෙයිද මාව ඔයාගේ මල්ලි හැටියට පිලිගන්න...🙁 🐯 ඒක වෙන්නේ නෑ.. 🐥 කමක් නෑ.. මන් හෙයොන් ලගින්ම ඉන්...