15• ඔම්මා ☔︎

1.1K 267 166
                                    


   " ඕහ් බේබ්.... ප්ලීස්.. අද රෑ විතරයිනේ... මම කොච්චර පාලුවෙන්ද හිටියේ.. හ්ම්... ඒකට කමක් නෑ.. දැන් ඔයා ඉන්නවනේ..... මොකද මේ කලබල වෙලා.. ම්.. ඉන්නකෝ මම ඔයාව ටිකක් රිලැක්ස්.."

   " කාරා... එහාට වෙනවා.. මේක මට කරන්න බෑ.. ප්ලීස් පැත්තකට වෙන්න... මම දැන් ගෙදර යන්න ඔනේ..."

කාරා සුගාගේ කකුල දිගේ සිහින් නිය වලින් රටා ඇදගෙන, මත් වෙලා වගේ උඩට අරගෙන ගියා.
            ඇද කොනේ වාඩි වෙලා ඉදපු සුගා එකපාරටම කාරව පැත්තකට තල්ලු කරලා අතේ තිබුනු ඩ්‍රින්ක් එකත් පැත්තකින් තිබ්බෙර් කලබලෙන් වගෙයි.

" මොකක්... කොහෙ යන්නද... ආ... අද රෑ ඔයා මා එක්ක ඉන්න ඔන... තේරුනාද..."

  " කාරා මට යන්න දෙන්න... ඇ..ඇ...ත්‍තටම මේක මට කරන්න බැ.. ආයිත් අපි මෙහෙම මීට් නොවී ඉමු... මන් දැන් යනවා.."

  " ඔහේ... මන් කවුරු කියලද හිතන්.. අ..අ.. ම්..මේ.."

   සුගාගේ වචන නිසා කාරට හොදටම කේන්ති ගියා. ඒ අත් වෙව්ලන්න පටන් ගත්තේ සුගාව මරන්න තරම් තරහක් ආව නිසයි. කාරා සුගාගේ කොලර් එකෙන් ඇදලා ගන්න ගමන් කෑ ගැහුවම සුගා ඇස් ලොකු කරලා පුදුමෙන් වගේ කාරා දිහා බැලුවා. කාරා කවදාවත් මෙහෙම හැසිරිලා තිබුනේ නෑ. හැම වෙලේම පුදුම අහිංසක කෙනෙක් විදිහටයි සුගා ලග හිටියේ. ඒත් දැන් ඒ ඇස් යක්ශනියක් වගෙයි. සුගාගේ මූන දැක්කම ප්ලෑන් ඔක්කොම වතුරේ යයි වගේ හැගීමක් කාරගේ මූනේ ඇදුනා.  ඒ වෙලාවෙම කාරා එයාගේ මූන වෙනස් කරගත්තේ මායාවක් වගෙයි

  "  ඔහ්... බේබ්... මන් විහිලුවක්නේ කලේ... අම්... මන් දන්නවා මගෙනුත් ඉතින්... ඔය.. එකක් දෙකක් වැරදි වෙලා ඇති... ඕව ඉතින් ගනම් ගන්න ඔනෙ නෑ... එහෙම නේද... ඉන්න... ඔයාට හොදටම දාඩිය දාලා..."

   

    

                 ................🕠

    සුගා උදේම ගෙදරින් පිටත් උනේ ජිමින්ට මූන දෙන්න බැරි නිසාමයි. සුගා හිතාගෙන හිටියා යුනිවසිටි එකේදී කෝම හරි ජිමින් එක්ක තනිවෙන්න. ජිමින් එක්ක කතා කරන්න. දේවල් පැහැදිලි කරගන්න. ජිමින් බොරු කාරයෙක් කියලා හිතෙන හැගීම් හැම එකක්ම නැති කරගන්න. අලුත් ජීවිතයක් පටන් ගන්න.
               ඒත් සුගා ගෙදරින් පිට වෙනවත් එක්කම කාරා ටැක්සි එකකින් ඇවිත් සුගාගේ කා එක පාර මැදම හරස් කරලා නවත්ත ගත්තා. ඒකසිද්ද වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ. හරියට කාරා සුගා ගෙදරින් එලියට එනවා බලන් ඉදල වගෙයි. ඔව් ඒක එහෙම වෙන්න එපැයි. නැත්තම් මෙච්චර උදේම කාරා කොහෙ කියලා යන්නද..

~ U̶g̶l̶y̶ ~Where stories live. Discover now