02 | 1st Day

1.5K 302 75
                                    

The Slytherin Bad Boy 🐉

-Chapter 02- ( 1st day )

" මින් යුංගි! ඩ්‍රැකෝ මැල්ෆෝයි! " ප්‍රොෆෙස මැක්ගොනගල් යුංගි දිහායි ඩ්‍රැකෝ දිහායි බලාගෙන හිටියේ පිස්සන් කොටුවෙන් පැනලා ආපු දෙන්නෙක් දිහා බලන් ඉන්නවා වගේ.

ඩ්‍රැකෝගෙ ඉදිමුනු කම්මුල්, නිල් උනු ඇහැ..යුංගිගෙ ලේ ගලන නළල, පැලිච්ච තොල, එක අතක් සම්පූර්ණයෙන් නැති ඉරුණු ශර්ට් එක දැක්කාම මොන ප්‍රොෆෙසටද එහෙම නොහිතෙන්නේ. හා නැද්ද ?

ප්‍රොෆෙස මැක්ගොනගල් මුලින්ම මේ දෙන්නව එක්කගෙන ගියේ මැඩම් ප්‍රොම්ෆේ ගාවට.

" දෙවියනේ! මේ ළමයි මොකක් කරගෙනද මිනර්වා?" මැඩම් ප්‍රොම්ෆේ මුලින්ම ප්‍රොෆෙස මැක්ගොනගල්ගෙන් ඇහුවෙ පුදුම වෙලා.

" රණ්ඩුවක් පොපී..."

" අද කාලෙ හැදෙන ළමයිනම් කියලා වැඩක් නෑ" මැඩම් ප්‍රොම්ෆේ එක දිගටම බැන බැන තුවාල වලට බෙහෙත් කරද්දි යුංගි වගේම ඩ්‍රැකෝත් ඉවසගෙන හිටියෙ පුදුම අමාරුවකින්. ඩ්‍රැකෝනම් තදියම් වෙලා ඇඹරෙනවා.

" දගලන්නෙපා ලමයො! " එකපාරක් මැඩම් ප්‍රොම්ෆේ ඩ්‍රැකෝගෙ උරහිසට පොඩි පාරකුත් ගැහුවා.

" ඔන්න හරි! " අන්තිමේ මේ ඩබලම අහන්න ආස කරපු වචන ටික ඇහුන ගමන් දෙන්නම වාඩිවෙලා හිටපු තැන් වලින් නැගිට්ටා. එතකොටයි දෙන්නටම මතක් උනේ ප්‍රොෆෙස මැක්ගොනගල් එයාලා ගාව නේද කියලා.

" එනවලා මාත් එක්ක!" වැඩේ ඉවර උනු ගමන් ප්‍රොෆෙස දෙන්නවත් කුදලන් ගියේ තමන්ගෙ ඔෆිස් එකටනම් නෙවේ...ඒ වෙනුවට එයාලා ගියේ ප්‍රොෆෙස ස්නේප්ගෙ පාතාලෙ ඔෆිස් එකට. යුංගිටනම් මෙතන හුරුයි මේ සීතල,මේ පඩි, මේ දූවිලි වැදුනු පොත් සේරම යුංගිට හුරුයි මොකද ප්‍රොෆෙස ස්නේප්ගෙ ඔෆිස් එකට යන්න තරම් නිර්භීත එකම කෙනා යුංගි විතරක් නිසා. ප්‍රොෆෙස මැක්ගොනගල් යනකොටත් එයාලා බලාපොරොත්තුවෙන් ප්‍රොෆෙස ස්නේප් බලාගෙන හිටියා.

" සෙවරස් මම- "

" මම මේ ගැන බලාගන්නම් මිනර්වා " ප්‍රොෆෙස මැක්ගොනගල් කියන්න ගිය දේ ඉවර කරන්නත් කලින් ප්‍රොෆෙස ස්නේප් යුංගිවයි ඩ්‍රැකෝවයි තමන්ගෙ බාරයට ගත්තා. ප්‍රොෆෙස මැක්ගොනගල් ගිය ගමන් දොර වහලා නපුරු බැල්මක් හෙලනගමන් තමන්ගෙ ආසනෙන් ඉදගත්තු ස්නේප් ඩබල දිහාම බැලුවෙ කලකිරීමෙන්.

𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉 Where stories live. Discover now