01 | Bad? Nah Malfoy Bad and Savage!

2.9K 324 142
                                    

The Slytherin Bad Boy 🐉

-Chapter 01-

(Bad? Nah Malfoy Bad and savage)

ජනේලෙන් එලිය බලාගෙන හිටපු මින් යුංගිගෙ ඇස් වලට ගොවිපොළවල්, රූස්ස ගස්, ගංඟා, පොකුණු පෙනී නොපෙනී ගියේ නිමේෂයෙන්...පැහැදිලි අහසත් ඉර එළියත් යුංගිගෙ හිත ප්‍රබෝධමත් කලා...හොග්වාස්ට් එක්ස්ප්‍රස් කෝච්චියෙ සද්දෙ යාන්තමට නිහඩතාවය බිදිනවා...තමන්ගෙ උකුලෙ පුළුං බෝලයක් වගේ ගුලිවෙලා පුරු පුරු ගගා හිටිය හෙක්ස්ගෙ පිට අතගාන ගමන් යුංගි ටිකකට ඇස් පියාගත්තා.

" ඒයි මින් යුංගි!! " ඔය 'ඒයි' කෑල්ල ඇහෙනකොටම යුංගි දන්නවා මේ මොකාද කියලා.

" ආයිශ් මේ යකා" හිතින් හිතපු යුංගි ඇස් දෙක අරින්නේ නැතුව නිදිවගේ ඉන්න හිතාගත්තේ මේ වෙලාවෙ රණ්ඩුවකට යන්න එයාට කම්මැලි නිසා..

" මම දන්නවා තමුසෙ නිදි නෑ කියලා..." මැල්ෆෝයි එහෙම කියලා ක්‍රැබ් & ගොයිල් එක්ක යුංගිගෙ ඉස්සරහ ශීට් එකෙන් වාඩිඋනේ විරිත්තන ගමන්.

" ඕයි මින්...තමුසෙ ගියවාරෙ මගෙ ඇගට ගැරඬියෙක් දාපු එක මට අමතකයි කියලනම් හිතන්න එපා..එදා සිද්ද උනු ලැජ්ජාවට මම මේ වාරෙ පලිය ගන්නම්කො " ඩ්‍රැකෝ මැල්ෆෝයි කේන්තියෙන් දත්මිටි කෑවා.

" ඉතින් තමුසෙ ඔය තරම් වැඩ්ඩෙක්නම් එදා කෙල්ලෙක් වගේ කෑගහගෙන දිව්වේ මොකද " ඇස් අරින්නේ නැතුවම යුංගි කිව්වේ කට කොනකින් හිනාවෙලා. ඒ කතාවට ක්‍රෙබ්ටයි ගොයිල්ටයිත් හිනාගියා උනත් ඒ හිනාව වැඩි වෙලාවක් නොතිබ්බේ මැල්ෆෝයි උන් දෙන්නටම රවපු නිසා.

" තමුසෙ ගාණට වැඩියි...හිටපන් මම උබට.."

" ඇයි හැරී පොටර්ට කරදර කරලා ඉවරද තමුසෙ මේ පැත්තෙ ආවේ...මගෙ එක්ක ඒ සෙල්ලම් හරියන්නෙ නෑ කියලා තමුසෙ හොඳටම දන්නවනෙ " යුංගි එයාගෙ කොළපාට ඇස්වලින් මැල්ෆෝයි දිහා බැලුවා. ඒ බැල්මට මැල්ෆෝයි අඩියක් දෙකක් පිටිපස්සට ගියත් පරාජය බාරගන්නම් මැල්ෆෝයිගෙ කිසිම අදහසක් නැහැ.

" අනාත කොල්ලෙක් උනාට උබෙ කටේනම් කිසි අඩුවක් නෑ නේද උ- " මැල්ෆෝයිට ඉතුරු ටික කියාගන්න බැරි උනේ එතනට කෑම කරත්තෙ ගේන මායාකාරිය ආපු නිසයි.

𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉 Donde viven las historias. Descúbrelo ahora