The Slytherin Bad Boy 🐉
-Chapter 24-
" The loch ness monsters...දිග වර්ග අඩි දාහත් එක්දාස් හයසීයත් අතර වගේම පළල වර්ග අඩි පන්සීයත් හයසීයත් වෙන වැඩුනු ලොච්නෙස් සතෙකුගෙ හිස් කබල අලියෙකුගෙ වගේ හය ගුණයක් ලොකු වෙනවා...පුරාණ ශාපයකට ලක් වීම නිසා වගේම, මොවුන්ගේ නිඳ්‍රා කාලවකවානුවද වසර සිය ගණනකට දීර්ඝ වන නිසා ඝණව සෑදී ඇති මොවුන්ගේ පිටකබොල පිටතින් බලන මිනිසෙකුට පෙනෙන්නේ දූපතක් ලෙසටයි. ගස්වැල් මෙන්ම සතුන් ඇළදොළද මොවුන්ගේ පිටකටුවේ පිහිටා තිබීම ඊට හේතුවයි.මොවුන්ගේ ආයුකාලය වසර දස දහස් ගණනින් දිගු නිසාවෙන් පිටස්තර ලෝකයෙන් සැඟවී ජීවත් වීමෙ උපක්‍රමයක් ලෙස මොවුන් මෙය භාවිතා කරනවා. නිහඬව තනිව වාසයට කැමති මොවුන් සාගර ජලය මතුපිටට වන්නට පාවෙමින් සිය නිද්‍රා කාලය ගත කිරීම සම්ප්‍රදායයි...මුහුදු රාක්ෂයන් ගණයට ගැනෙන මොවුන්-
ඔය ළමයා ඔය කොහේද බලන් ඉන්නේ?
මිස්ටර් මින්!
මින්! පාඩමට අවධානයෙන්ද ඉන්නෙ ආ?
මිස්ටර් මින්...මින් !!! "
ප්‍රොෆෙස මැක්ගොනගොල් උගුර කඩන් කෑ ගහන්න ගත්තෙ මින් යුංගි පන්තියෙ ජනේලෙන් එලිය බලන් ඉන්න බව දැක්කට පස්සෙයි. ප්‍රොෆෙස ආයෙ ආයෙත් යුංගිට කතා කරත් යුංගි හිටියෙ මේ ලෝකෙ නෙවෙයි...
" මින් යුංගි!!? මොන ලෝකෙකද ඉන්නෙ!!?? " ඊලඟ පාර පුළුවන් වෙර දාලා කෑ ගහපු ප්‍රොෆෙස මැක්ගොනගොල්ට යුංගිගෙ අවධානය අරගන්න පුළුවන් උනා.
" ඔහ්-ඔව් ප්‍රොෆෙස ? "යුංගි ඇහුවෙ ඔළුවත් කසන ගමන් ආතක් පාතක් නැති ගාණට.
" මොකද්ද අපි දැන් කර කර හිටියෙ? " ප්‍රොෆෙස අහපු ප්‍රශ්ණෙට යුංගි අන්දභූත උනා.තමන් පෙරලන් හිටපු ෆීනික්ස් කුරුල්ලන්ගෙ පිටුව දිහා බලපු යුංගි ආයෙ ඔළුව ඉස්සුවෙ වැඩි දෙයක් නොහිත.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...