The Slytherin Bad Boy 🐉
-Chapter 25-
" අනේ මේ, මටනම් ආයෙ බෑ තමුසෙලාගෙ ඔය විකාරවලට හවුල් වෙන්න...එකපාරක් කරගෙන කෙලෝගත්තා ඇති මට..." ඩෙරික් පාක් සද්දෙට එහෙම බැන්නෙ තුන්වෙනි වසරෙ ස්ලිදරින් කෙල්ලො දෙන්නෙක්ට...
වංගුවකින් හැරිලා ඒ පැත්තට එමින් හිටපු යුංගි එතනම නැවතුනා. ඩෙරික් පාක් තවමත් බනිනවා...වෙලාවට කොරිඩෝවෙ ඒ හතර දෙනා ඇර කවුරුවත් නැත්තෙ.
" අනේ මොකක්ද පාක්...මේක දෙන්නකො යුංගිට- සෙට් උනොත් ඔයාටත් සලකන්නම් " එක කෙල්ලෙක් ඩෙරික්ගෙ පැත්තට බොක්ස් එකක් දික් කරගෙනයි හිටියෙ.
" අනේ මේ නංගි, මං ආයෙ ජීවිතේ තියෙන තුරාවට ඕවා කරන්නෑ...අනික තමුසෙලා දන්නෙ නැද්ද යුංගිට කෙල්ලෙක් ඉන්නවා කියලා " ඩෙරික් තරහෙන් එහෙම කිව්වෙ අහක බලාගෙන. නයිට් සන්නාහයකට වැහිලා හිටපු යුංගිගෙ මූණට පොඩි හිනාවක් ඉබේම ආවා.
" අන්තිමේ මොලේ පෑදුනා..." යුංගි උපහාසයෙන් හිතින් හිතුවට කියන්න ගියේ නැහැ.
" කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවා, ඒත් ඒකි යුංගිට ගැලපෙන්නෙනෑ...මහ වැඩකට නැති කෙල්ලෙක්ට යුංගි අහුවෙලා ඉන්නේ..Amortentia එකක් දීලද කොහේද ඒකි- " අර කෙල්ලට කියාගන්න ලැබුනෙ එච්චරයි කේන්තියෙන් පිපිරෙන්න ආසන්නව යුංගි අඩියට දෙකට සෙට් එක ගාවට ලංවුණා.
මුලින්ම යුංගි එනවා කියලා දැක්කෙ කෙල්ලගෙ යාළුවා. ඉතින් ඒකි කෙල්ලට අතින් ඇන්නාමයි කෙල්ලත් යුංගිගෙ පැත්ත බැලුවෙ...යුංගි දිහා බලපු ඩෙරික්ගෙත් ඇස් ලොකුවුණා. මොකද ඒ වෙනකොටත් යුංගිගෙ අත ඉස්සිලා තිබ්බෙ කෙල්ලගෙ කම්මුල රත් කරන්න සැදී පැහැදීමෙන් යුතුව.
" මතක තියාගන්නවා...y/n කියන්නෙ මගේ මුළු ලෝකෙම! තමුසෙලාට මගේ ලෝකෙ වැඩකට නෑ කියලා පේනවනම් ඇස් උගුල්ලගනිල්ලා...මට ඒ කෙල්ලව ගැලපෙන්නෑ කියලා හිතෙනවනම් හිත උගුල්ලලා පැත්තකින් තියපල්ලා... " උඩට ඉස්සුනු අත යුංගි පහලට දැම්මෙ ඒ විදියට කියමින්. අර කෙල්ලො දෙන්නා හුස්ම ගන්නත් බයේ යුංගි දිහා බලන් හිටියා...ඒ විලෝ පාට ඇස්වල තිබ්බ වෛරය කෙල්ලො දෙන්නම හොඳට දැක්ක පාටයි. ඩෙරික් පාක් සැනසුම් සුසුමක් හෙලද්දි කෙල්ලො දෙන්නම එතනින් දුවගෙන ගියා...එකියක්නම් ගියේ අඩාගෙනමයි.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...