The Slytherin Bad Boy 🐉
-Chapter 06-
"අන්න අර පුපුරන මාස්ටර් ප්‍රොෆෙස ට්රෙලෝනිගෙ රූම් එකේ තේ කෝප්පයක් පුපුරවලා ! "
" කවුද ? මොකද්ද වෙලා තියෙන්නේ ? "
" සීමස් ෆිනිගන් බන්...ඒ මිනිහා තේ එක ඉක්මනට රත් කරගන්න කියලා ස්පෙල් එකක් කියලා ඒක වරද්දන් ඒ පලාතම කළු දුමාරෙකින් දැන් වැහිලලු" රෙවෙන්ක්ලෝ කොල්ලො ටිකක් ග්රයිෆින්ඩෝ කොල්ලො ටිකකුත් එක්ක මොකද්දෝ දෙයක් ගැන කතා කරද්දි y/n ඒ හරියෙන් ගියේ බස්සන්ගෙ කූඩු තියලා තියෙන පැත්තටයි.
කාලෙකින් ගෙදරට ලියුමක් යවන්න y/nට බැරිවෙලා තිබ්බේ...පාසල් වැඩඑක්කයි යුංගි ගැන හිත හිත ඉන්නයි කාලෙ ගත උනු නිසා ඒවගේ වැදගත් දේවල් ගොඩක් y/nට මගෑරිලා තිබ්බා.ගෙදරට යවන්න කියලා ලියලා සීල් කරපු ලියුම අත්දෙකෙන්ම පපුවට තුරුල් කරන් y/n ඒ පැත්තට ගියේ සැහැල්ලුවෙන්.
" hey yooo....y/n " ඒ අස්සේ y/nට ඇහුනේ නුපුරුදු හඬක්...ස්ලිදරින් ලෝගු ඇදගත්තු තමන්ටවඩා බාල හතරවෙනි වසරෙවගේ කෙල්ලො තුන්දෙනෙක් y/n ගාවට ඇවිදන් ආවා. තුන්දෙනාගෙම මූනුවල තිබ්බේ මහ නෝන්ජල් පෙනුමක්...
" Excuse me ? ඔයාල හතරවෙනිවසරෙ ලමයි නේද? මම ඔයාලට,වඩා වැඩිමල්..ඔහොම කතා කරන එක හරිනෑනේ? "
යාළුකමට කතා කරන එක වෙනම දෙයක්...ඒ උනාට මේ කොල්ලො ටිකනම් කතා කරන්නේ බල්ලෙක්ට කතා කරනව වගේනෙ...ඒ නිසාමයි y/n ඒ විදිහට කිව්වේ. ඒ උනාට අවුල කියන්නේ y/nට වඩා උසයි මහතයි අර හතරවෙනි වසරෙ කෙල්ලො තුන්දෙනා...(😂😂)
" ආහ්...sorry sorry...sis...මේ...මොකද්ද මින් යුංගියි ඔයයි අතරෙ තියෙන සම්බන්ඳෙ? " අර කෙල්ලො ටිකත් කෙලින්ම කතාවට බැස්සා.
සුපුරුදු විදිහට යුංගි ගැන කියද්දි y/nගෙ මූණ රතුවෙලා කලින් තිබ්බ ලොකු ගැම්ම නැත්තටම නැති වෙලා වතුර හිඳිලා දියවෙලාම ගියේ අර කෙල්ලොන්ට ඒකෙ තේරුම ඉගි කරන ගමන්.
" ම්-මුකුත් නෑ !" කොහොම උනත් අභිමානෙට කැලලක් වෙන්න දෙන්න බෑනෙ. ඒ නිසා y/n කට ඇරලා කතා කලා.
" හහ්? මුකුත් නෑ? එහෙනම් අර ඩීන් තෝමස් අපිට කිව්වේ බොරුද? " අර එකකෙල්ලෙක් y/nගෙ ඇගට කඩාපැන්නෙ එහෙම අහන්..
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්‍රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...