17|Expecto patronum (18+)

1.3K 154 78
                                    

The Slytherin Bad Boy 🐉

-Chapter 17-

" Y/n !!! " පොදු කාමරේ රහස් බිත්තියෙන් ඇතුලට ආපු යුංගිගෙ කොළපාට ඇස්වල අහු උනේ පොදු කාමරේ මුල්ලක කෙල්ලෙක් කිස් කරන y/nගෙ දර්ශණේ. ඒක දැක්කා විතරයි යුංගිට උන් හිටි තැනුත් අමතක උනා... අතේ තිබ්බ ජෙලි හම්බෙල්ලො පැකට් එක අතින් බිමට වැටෙද්දි යුංගි උගුර යටින් ගොරෝසු විදිහට y/nට කතා කරේ සිද්ධිය දිහා තවත් වෙලාවක් බලන් හිටියොත් තමන්ගෙ හදවත පුපුරයි කියන වේදනාවෙන්.

යුංගිගෙ හඬින් y/nයි එතන හිටපු බෙසුයි දෙපැත්තට උනේ ක්ශනිකව. Y/n බයෙන් යුංගි දිහයි බෙස් දිහයි මාරුවෙන් මාරුවට බැලුවා. සාමාන්‍යයෙන් යුංගි මේ වගේ වෙලාවක සිහියකින් හැසිරිලා නැහැනෙ.

නලල රැලි කරගෙන දත්මිටි කාපු යුංගි ආපු පාරෙන්ම ආයෙ අනිත් පැත්තට හැරිලා යන්න ගියේ බිම වැටුනු ජෙලි හම්බෙල්ලොන්වත් පාගගෙනමයි. Y/n කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව අත් දෙකෙන්ම කොණ්ඩෙ අදින්න ගත්තා.

" සමාවෙන්න Y/n සේරම උනේ මම නිසා " බෙස් ඔළුව පහත් කරගත්තේ තව කඳුළු බින්දු කීපයක් කම්මුල් දිගේ බේරෙද්දි.

" නෑ...මේ අහන්න බෙස්...ඔයාගෙ අතේ වැරැද්දක් නෑ...I can understand okay? මම ඒ ගැන බලාගන්නම් " Y/n දෝතින්ම බෙස්ගෙ මූණ අල්ලගෙන බෙස්ගෙ කඳුළු පිහදැම්මා. යුංගිව කොයිවෙලෙත් යාළුකරගන්න පුලුවන්. ඒත් බෙස් කෙල්ලෙක්...කෙල්ලොන්ගෙ බිඳුණු හිත් හදන්න හරි අමාරුයිනෙ.

" මට ඕනි උනේ ඔයාට අන්තිම වතාවටත් මගේ ආදරේ පෙන්නන්න විතරයි. මට තේරෙනවා ඔයාට යුංගිව අතාරින්න බෑ කියලා...මට අවස්ථාවක් නෑ කියලා මට තේරුම් ගියපු නිසයි මම ඒවගේ දෙයක් කරේ...ඒක ඇත්තටම මෝඩ වැඩක්...මට නොකර ඉන්නයි තිබ්බේ...දැන් මම නිසා ඔයාගෙ ජීවිතේ අවුල් වෙයි " බෙස් කියද්දි y/n අමාරුවෙන් උනත් හිනා උනා.

" It's okay...මට තේරෙනවා...ඔයා මේ ගැන හිතන්න එපා...අපිට ඉස්සරහටත් යාළුවො විදිහට ඉන්න පුලුවන් බෙස්. මම ප්‍රොමිස් වෙනවා මේ ගැන කාටවත් කියන්නෙ නෑ. පරණ විදිහට ඉමු...ඔයත් මාව තේරුම් ගත්තා මාත් ඔයාව තේරුම් ගත්තා..ම්ම්? " Y/n බෙස්ගෙ ඔලුව අතගාද්දි බෙස් හා කියන්න ඔළුව වැනුවා. ඒ ප්‍රශ්ණෙ ගාණට විසදගත්තු එකගැන Y/nට දැනුනේ සහනයක්.

𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉 Where stories live. Discover now