The Slytherin Bad Boy 🐉
-Chapter 29-
" යුංගි!!! " Y/n කෑ ගැහුවෙ නොහිතාමයි.
තමන්ගෙ එහාපැත්තෙ හිනේවෙවී වාඩිවෙලා ඉන්න කොල්ලා දිහා බලලා y/n වෙන මොනවා කරන්නද ඉතින්?
" කිව්වෙනම් කොහොමද? හම්බුනාම ලොකු කිස් එකක් ඕනි කිව්වා...දැන් හම්බුනාම හෙනයක් ගැහුවා වගේ බලන් ඉන්නවා " යුංගි දිවෙන් යටිතොල තෙත් කරලා ඇස් කොනෙන් අමුතුම බැල්මක් දැම්මෙ හිනාව නවත්තන ගමන්. එකපාරම කියුට් පෙනුමෙන් සරාගී පෙනුමකට ආපු යුංගි දිහා කම්පනයෙන් බලපු y/n රතුවෙච්ච මූණෙන් අහක බලාගත්තා.
" ක්-කොහොමද ඉතින් අ-ආවෙ? " y/n වදමල් පාටින් රතුවුණු කම්මුල්වලට දෑත් තියාගන්න ගමන් ආයෙත් යුංගි දිහා බැලුවා.
" කොහොමද කියන එක වැදගත් නෑනෙ y/n "
" ඒත් කොහොමද කියන්නකො- "
" මොකද මම මින් යුංගි නිසා! " යුංගි ඒ විදියට කියලා කට කොනකින් යාන්තමට හිනාවුණා.
හොඳයි,
තර්කයක් නැතිවම y/nට පුළුවන් ඒ උත්තරේ බාරගන්න. මොකද මින් යුංගි කැමති හැමදේම එයා කොහොම හරි ගන්නවා.
බැහැලා යන හිරුගෙන් ආලෝකමත් වෙලා තිබ්බ රතුපාට මිශ්ර උණු තැඹිලිපාට් අහස දිහාට යුංගිගෙ දිලිසෙන ඇස් යොමු වෙද්දි y/n ඒ එල්ලෙටම ගිහින් අහස දිහා බැලුවා.
අහස, වළාකුළු...හිත නිස්කලංක කරන තැන් ඒ! දියැගොං ඇලී එකේ කාර්යබහුල මායාකරුවන්ගෙත් මායාකාරියන්ගෙත් ඇස් වලට මේ යෞවනයට පියමනින් ඉන්න කුරුළු ජෝඩුව කොයිම වෙලාවකවත් අහු නොවුනු නිසා y/n යුංගිගෙ උරහිසේ ඔළුව තියාගෙන ආයෙමත් අහස දිහා බලාගත්තා.
සැරින් සැරේ අහසෙ මතුවෙන පුංචි කළු හෙවනැලි වගේ කුරුල්ලො ලස්සන රටාවලට අහස සරසද්දි ඒ දිහා යුංගිගෙ උරහිසට ඔළුව තියාගෙන බලන් ඉන්න එක තරම් සතුටක් y/nට තිබ්බෙ නැහැ...
" යුංගි....."
" ම්ම්ම්ම්? "
" ඔයා නවතින්නෙ කොහේද ? " y/n එහෙම අහලා යුංගි දිහා බැලුවෙ කිසි අදහසක් නැති හිස් බවකින්. යුංගි y/nගෙ මූණ දිහා බලලා අමුතු, කපටි හිනාවක් දැම්මා....
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...