The Slytherin Bad Boy 🐉
-Chapter 23-
" අප්පේ කෙල්ලගෙ මූණෙ හැඩ, රෝස මලකට පිණි බින්දු වැටිලා වගේ..."
උදේ පාන්දරම තිබ්බ මායා ඉතිහාසය පීරියඩ් එකෙන් පස්සෙ y/n එයාගෙ යාළුවො රොත්තත් එක්ක කතා කර කර කොරිඩෝවක් දිගේ ඉස්සරහට යමිනුයි හිටියෙ...
ඊයෙ රෑ උනු සිද්දියෙන් පස්සෙ y/nට හරියට නිදාගන්නවත් බැරි උනේ ආදරණීය හැඟීම් හදවත උතුරමින් තිබ්බ නිසා. එහෙම වෙලත් අද උදේ y/n හිටියෙ සතුටින් පිරුණු උද්‍යෝගිමත් මූණකින්...
" ඇයි මට එහෙම ඉන්න බැරිද? "Y/n සතුටින් පිරුණු මූණකින් අහද්දි යාළුවො හැමෝම යන්තමට හිනාවුණා.
" බෑ කිව්වෙ කවුද බන්....මින් යුංගි මොකක් හරි සප්‍රයිස් එකක් දීලා වගේ, ඒකනෙ ඔහොම තනියමත් හිනාවෙන්නෙ...ඒක දැනගන්න ආසාවට එහෙම කිව්වෙ ඉතින්..."
Y/n හැරෙද්දි යාළුවො දන්නවා ගොනා හැරෙන්න පොල් පැලේට කියලා. නැත්නම් ඔහොම තක්කෙටම ඕවා කියන්නෑ...y/n ඒකට හිනාවෙලා නිශ්ශබ්ද උනත් y/nගෙ හදවතනම් ගොඩක් දොඩමළු වෙලයි තිබ්බේ...
එතකොට මේ මින් යුංගි...
යුංගිත් සතුටින් පිරුණු මූණකින් y/n පස්සෙන් යන යන හැම තැනම වගේ පිස්සුවෙන් ගියා...ඇත්තටම ඕක කවුරුහරි බලන් හිටියනම් හිතන්නෙ යුංගි Amortentia එකක් ගිලලා කියලා...
යෞවනය හරිම සංකීර්ණයි, ඒ හදවත් පිවිතුරුයි...
සතුටක් ලැබුනාම පිස්සුවෙන් වගේ ඒ සතුටෙම ඇලිලා ඉන්නවා. දුකක් ලැබුනාම පිස්සුවෙන් වගේ දුකේම ඇලිලා ඉන්නවා...
වයසින් වැඩුනට පස්සෙයි එයාලට ඒක තේරෙන්නෙ..._______________
දවල් වෙනකන්ම තිබ්බ පන්තිත් එක්ක යුංගියි y/nයි බිසී උනත් දවල් කෑමෙන් පස්සෙ y/nට කරන්න තරම් වැඩක් තිබ්බෙ නැහැ. යුංගි රුනේවරුන් අධ්‍යනය පීරියඩ් දෙකකට අකමැත්තෙන් උනත් සහභාගි වෙන්න යද්දි y/n ලයිබ්‍රි එක පැත්තට අඩි තිබ්බා...
ලයිබ්‍රි එකට යන්න කියලා පඩිපෙල නැග නැග හිටපු y/n එකපාරම නැවතුනේ පඩිපෙල මාරුවෙන්න ගත්තු නිසයි. හොග්වාස්ට් පඩිලවල් කොහොමත් එහෙමනෙ...තදින් අත්වැල අල්ලගෙන ටිකවෙලාවක් බලන් හිටපු y/n පඩිපෙල එක්තැන් උනාම අලුත් කොරිඩෝවකට පය තිබ්බා...
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්‍රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...