21 | A slap (15+)

674 122 19
                                    

The Slytherin Bad Boy 🐉

-Chapter 21-

" යා යුතු මග කුමක්දැයි නොඅසන්න
කළ යුතු දේ කුමක්දැයි නොඅසන්න
නුඹ නුඹටම සවන් දුන්විට
එය නුඹටම වැටහී යනු ඇත "

යුංගි තමන්ගෙ පැරණි රුනේවරුන්ගෙ නෝට් පොතේ විචාරයක් වෙනුවට ලියලා තිබ්බේ පාඩමට කොහෙත්ම අදාල දෙයක් නෙවේ....y/n එනකන් පොදු කාමරේට වෙලා බලන් ඉන්න අතරෙ යුංගි හිතට ආපු එක පොතේ ඔහේ ලියල දැම්මා..

යුංගි දෙවෙනි පාරටත් ඒ ලියපු දේ හොඳින් කියෙව්වා...

" මම මටම සවන් දෙන්න? පිස්සෙක් කියලා හිතයි මිනිස්සු " යුංගිට හිතුනෙ එහෙමයි. තමන් නොහිතා ලියපුදේ ගැන යුංගි උපහාසාත්මක හිනාවක් දාලා බලලා කොලේ කඩලා ගුලි කරා. උදුනට එල්ලෙ අරගෙන හරියටම කොල ගුලිය වීසිකරපු යුංගි පිහාටු පෑනයි පොතයි පැත්තකට දාලා බුම්මගත්තා.

එතකොටම වගේ සයනාගාරෙ ඉදන් පොදු කාමරේට ආවෙ බෙස්...අතේ තිබ්බ පොතත් වන වනා බෙස් නොසැලකිල්ලෙන් අඩි තියන දිහා යුංගි හැරිලා බැලුවා.

යුංගි බෙස්ට වැඩිය කැමැත්තක් නැති උනත් එවෙලෙ වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසා යුංගි පුටුවෙන් නැගිටලා බෙස්ට කතා කරා...

" බෙස්...ඔයා Y/nව දැක්කද? "

" ආ ඔව්, දැන් පැය දෙකකට විතර කලින් එයා ලයිබ්‍රි එකට ගියා...පැයෙන් දෙකෙන් එනවයි කියලා ගියේ, සමහරවිට දැන් එනවත් ඇති " බෙස් පුදුමෙන්‍ යුංගි දිහා බලලා කිව්වා. බෙස් ඒ තරම් පුදුම වෙන්න හේතු උනේ වෙන මොකවත් නෙවේ සාමාන්‍යයෙන් y/n යන තැන් ගැන දන්න යුංගි අද ඒ වගේ ප්‍රශ්ණයක් අහපුවාමයි. ඒ එක්කම කලින් තරහා මරහා අමතක කරලා යුංගි සාමාන්‍ය විදියට කතා කරපු එකේ සතුටත් බෙස්ගෙ හිතට ඇතුල් උනා.මින් යුංගි කෙල්ලෙක්ට නම කියලා ඔය තරම් හොඳින් කතා කරනවා කියන්නෙ ඉතින් ඒකම මදෑ ස්ලිදරින් කෙල්ලෙක්ට...

"තෑන්ක්ස් " යුංගි ඔළුව යන්තන් හොලවලා සුපුරුදු side smile එක දාලා රහස් බිත්තියෙන් පිටවුණා.

බෙස් ටිකවෙලාවක් එහෙමම එතන ඉදන් යුංගිගෙ හදිසි වෙනස ගැන පුදුම වෙලා ආයෙත් කාමරෙන් පිටවුණේ හරිතාගාරෙට යන්න හිතාගෙන.

𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉 Donde viven las historias. Descúbrelo ahora