The Slytherin Bad Boy 🐉
-Chapter 22-
" Y/n! දන්නවද වෙලා තියෙන වැඩේ!!?? " බෙස් සයනාගාරෙට දුවගෙන ආවෙම ඒ විදියට කෑ ගහගෙන. සයනාගාරෙ ඇද උඩට වෙලා කෙල්ලෙක්ගෙ නියපොතුවල නේල් පොලිශ් ගගා හිටපු y/n ගැස්සිලා ගියා.
" මොකද්ද වෙලා තියෙන්නෙ? " y/n ඇහුවෙ උනන්දුවක් නැති හඬකින්.
" ඩෙරික් පාක්ට කවුදෝ Amortentia එකක් දීලා!! " බෙස් y/n ගාවින්ම ඇඳේ වාඩි උනා.
" ආහ් ඔව්, ඔයා දැන්ද දන්නෙ? ඇයි අර ට්‍රේසි ඩේවිස්නෙ ඕක දීලා තියෙන්නෙ " ස්කාලට් කිව්වේ වැඩ ඉවර උනු තමන්ගෙ ලස්සන නේල්ස් දිහා ආසාවෙන් බලාගෙන.
" ඒත් ට්‍රේසි ඩේවිස් යුංගිට නෙවෙයිද ලයින් දදා හිටියෙ? " පැත්තකට වෙලා පොතක් කියව කියව හිටපු ජෙනීත් කතාවට වැටෙන ගමන් y/nගෙ ඇඳේ අයිනකින් වාඩි උනා...
" යුංගිට තමයි අනේ, ඒත් Amortentia එක දීලා තියෙන්නෙ ඩෙරික්ටනෙ..." බෙස් කිව්වෙ උරහිස් ගස්සලා.
" ඔය හැම එකීම ඩෙරික් අතේනෙ යුංගිට ගිෆ්ට් යවන්නෙ...හා නැද්ද ? දැන් අවුරුදු දෙකකට කලින් මාත් එකක් යැව්වා-තරහා වෙන්නෙපා y/n හොඳේ- ඒ කාලෙ ගොංනෙ ඉතින්" ජෙනී y/nට වැලමිටෙන් ඇනලා හයියෙන් හිනාවුණා. Y/n හිනාවෙන්න උත්සාහ කළත් උගුරෙන් මුකුත් පිටවුණේ නෑ වගේ...ඒ නිසා මූණෙ ඇඳුණෙ බොරු හිනාවක සලකුණු...ඒක දැක්කෙ බෙස් විතරයි. බෙස් y/nගෙ අත සුමුඳුවට අතගාලා ඔළුව වැනුවෙ ගණන් ගන්න එපා කියන්න වගේ...
" ඕක මෙහෙම වෙන්න බැරිද- ට්‍රේසි යුංගිට දෙන්න හදපු Amortentia එක වැරදිලා ඩෙරික්ට ලැබිලා වගේ? යුංගි කෙල්ලො එවන ගිෆ්ට් භාරගන්නෙ නැත්නම් ඒකෙ තේරුම එක්කො ඒවා ඩෙරික්ට ලැබෙනවා නැත්නම් වීසි කරනවා කියන එකනෙ? අනික ට්‍රේසි දීපුවා යුංගි ගත්තනම් අද එතන ඉන්නෝනි ඩෙරික් නෙවේ යුංගි! " බෙස් පැහැදිලි කරද්දි ස්කාලට් වගේම ජෙනීත් අනුමත කරන්න හිස වැනුවා.
" ඒකනෙවේ y/n ඔයා මේ දවස් ටිකේම යුංගිව හම්බවෙන්න ගියේ නෑ...මූණත් මැලවිලා...මොකක් හරි ප්‍රශ්ණයක්ද? " ඊලඟට ස්කාලට් අහද්දි y/n ඇඳෙන් නැගිට්ටා.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...