The Slytherin Bad Boy 🐉
-Chapter 27-
Y/n හිටියෙ අත් දෙකත් බැඳගෙන අමුත්තන්ගෙ කාමරේ කොනක වාඩිවෙලා... y/nගෙ ඉස්සරහින් වාඩිවෙලා තමන් දිහා ඔරවගෙන බලන් ඉන්න තමන්ගෙම වයසෙ කෙල්ල දිහා බලපු y/n ඇස් රෝල් කරලා අහක බලාගත්තා.
දුඹුරුපාට දිග කොණ්ඩයක් එක්ක කොළපාට තද ඇස් දෙකක් තිබ්බ ඒ කෙල්ලගෙ මූණ අමුතු මූසල පෙනුමකින් වැහිලා තිබ්බා... y/nට ඒ මූණ දැක්කම මතක් උනේ බාතෲම් වල ඉන්න විලාප තියන මා'ටේල්ව! ඒ තරමට ඒ මූණ අප්රසන්නයි...
ඒත් කරුමෙකට, මේ තමයි y/nගෙ පුංචිගෙ දුව! ලෙයිලා රෝසි... බොරු ඇත්ත වගේ කියන්න පුළුවන් විශේෂ හැකියාවක් මේ ලෙයිලට පිහිටලා තිබ්බ නිසාම y/n පුංචි කාලෙ ඉදන් ලෙයිලට කැමති නෑ. ලෙයිලාගෙ කුඩේකුඩුකම් නොඉවසන y/nනම් මේ හමුවීමෙන් හිටියෙ ඒ තරම් ප්රසන්න හැඟීමෙන් නෙවෙයි.
ලෙයිලගෙ සහෝදරයො දෙන්නා කාමරේ පුරාම එහාමෙහා දුවමින් දඟ කරද්දි කෙල්ලො දෙන්නා කලේ එකිනෙකාට රවාගනිමින් කාමරේ කොන් දෙකක වාඩිවෙලා හිටපු එක...
හැම පරම්පරාවකම ඉන්නවා ඔහොම එකිනෙකාට පේන්න බැරි නෑයො!
" y/n.... " එකපාරම කාමරේට කඩා පහත් උනේ y/nගෙ පුංචි අම්මා..දුඹුරු රැලි කොණ්ඩෙකුත් දුඹුරු ඇස් දෙකකුත් තිබ්බ හරි ලස්සන ගෑණු කෙනෙක් තමා මිසිස් බ්ලයිට්න්ගෙ නංගි.
ඒවගේම..හැබැයි අපරාදෙ කියන්න බෑ , පුංචි අම්මනම් ලෙයිලගෙ ලඟින්වත් තියන්න බෑ...ආදරණීයයි, ලස්සනයි , සත්යවාදීයි...වෙලාවකට y/nට හිතාගන්න බෑ මේ කුඩේකුඩුකම් ලෙයිලට කාගෙන් ඇවිත්ද කියලා.
" කොහොමද පුංචි අම්මේ, දැන් ගොඩක් වෙලාද ඇවිත්? " y/n පැන්න ගමන් පුංචි අම්මව බදාගත්තා.
" නෑ පැටියො, අපි අද උදේ ආවෙ...මගෙ අම්මේ! කෙල්ල ලොකු වෙලා, ලස්සන වෙලා, ඇඟපතත් ගාණට හැදිලා...රූප සුන්දරියක් වෙලානෙ " ලොකු හිනාවකින් මූණ සරසගනිපු පුංචි අම්මා y/nගෙ කම්මුල් මිරිකද්දි ලෙයිලා තරහින් අහක බලාගත්තා.
" y/n, අපි හෙට උදේම ෆ්රාන්ස් යන්න හිතන් ඉන්නෙ...පුංචිලත් අපිත් එක්කම යන්න හිතාගෙන තමා මෙහේ ආවෙ අද...ම්ම්ම්, ලෙයිලට අද රෑ ඔයාගෙ කාමරේ නිදාගන්න පුළුවන් නේද? " මිසිස් බ්ලයිට්න් අහද්දි y/n අකුණක් ගැහුවා වගේ කෙලින් උනා.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...