The Slytherin Bad Boy 🐉
-Chapter 31-
බටහිර අහසෙ තැනින් තැන රැඳිලා තිබ්බ මේපල් පාට වළාකුළු දියැගොං ඇලී එක මත්තෙන් තේජාන්විතව සෙවන සැලසුවෙ දවසේ තිබ්බ මායාකාරීබව බලන් ඉන්න හැමෝගෙම හිත් වලට කාවද්දමින්...
Y/n බොහෝම පරිස්සමට තමන් අතේ තිබ්බ ලියුම නවාගත්තා...ඒක තමන්ගෙ අම්මට ලියපු සරල පුංචි ලියුමක්. තව දවස් පහකින් පාස්කු නිවාඩුවත් ඉවරයි, ආයෙ හොග්වාස්ට් ගියාම පාඩම් වැඩවලට අවධානය දෙන්න වෙන නිසා මේ දවස් කීපය උපරිම නිදහසේ ගත කරන්න y/n හිතාගත්තෙ අද උදේමයි...
ෆ්ලොරෙන් ෆ්රොටෙස්කුගෙ අයිස්ක්‍රීම් කඩෙන් ෆ්ලේවර් තුනක අයිස්ක්‍රීම් දෙකක් අතේ තියාගෙන ඈතට වෙලා y/n දිහා බලන් හිටපු යුංගි හිමි හිමීට අඩි තියලා y/nගාවට ලංවුණේ සැහැල්ලුවෙන්... y/n හිටියෙ සිතුවිලිවල අතරමං වෙලා කියලා තේරුම් ගන්න යුංගිට අමාරු උනේ නැහැ. ඒත් y/nගෙ මූණෙ හැටියටනම් ඒ සිතුවිලි නරක ඒවා නෙවෙයි වගේ...
" මොනාද කල්පනා කරන්නෙ...ම්ම්ම්? " යුංගි y/nට එහාපැත්තෙන් බෙන්ච් එකේ වාඩිවුණා.
" වැදගත් දෙයක් නෙවේ...නිකන් මේ, පාඩම් වැඩ- " y/n යාන්තමට හිනාවෙලා යුංගි අතේ තිබ්බ අයිස්ක්‍රීම් එකක් අතට ගත්තා. දෙන්නගෙම ඇස් එකපාරටම ගියේ බටහිර අහස දිහාවට...
යුංගිගෙ විලෝපාට දිලිසෙන ඇස් මත්තෙ බටහිර අහස්කුසේ සෙවනැලි නටද්දි ඒ ලස්සන දර්ශනේ ඇහැ ගැටුනෙ y/nට විතරයි. තමන්ගෙ සම්පූර්ණ අවධානය අහසෙන් අහකට ගනිපු y/n යුංගිගෙ මූණ අධ්‍යනය කරන්න ගත්තා. හවස ඉර එළියට යුංගිගෙ හිම පාට කොණ්ඩෙ රිදීපාටින් දිලිසුනේ කඟවේනෙකුගෙ කෙස් වගේ...ඒ වගේ මායාකාරී ලස්සනක් පිරිමියෙකුගෙන් කවදාවත් දැකලා නොතිබුනු y/n අයිස්ක්‍රීම් එක අත දිගේ බේරෙන බවවත් නොදැන වශීවෙලා වගේ යුංගි දිහා කොච්චර වෙලාවක් බලන් හිටියද කියලා y/nවත් දැනගෙන හිටියෙ නෑ...
" ඔහ් ඩියර්...ඔයාගෙ අයිස් එක දියවෙනවා " යුංගි ඔළුව ඇලකරලා y/nට ඒක පෙන්නලා දෙනකන්ම y/nට ඒක තේරුනේ නැහැ. සාක්කුවෙන් මැජික් යශ්ටිය ඇදලා ගනිපු යුංගි ඒක කීපවතාවක් එහා මෙහා කරපු ගමන්ම y/nගෙ අයිස්ක්‍රීම් එක ආයෙමත් තිබුනු තත්වෙට ආවා...
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්‍රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...