The Slytherin Bad Boy 🐉
-Chapter 18-
" මේපාර චැම්පියන් අපිම තමයි "
" අනිවා triwizard cup එක හොග්වාස්ට් වලට තමා "
" ගැම්මක් තමා ඉතින් "
Y/nයි එයාගෙ යාළුවෝ කීප දෙනෙකුයි මේ ලොකුවට කියවන්නේ triwizard tournament එක ගැන. දැනට ඉදිරියෙන් ඉන්නේ හොග්වාස්ට් ඒ නිසා තමා මේ මෙයාලා ලොකුවට කියවන්නේ. මායා ඉතිහාසය පන්තියේ වාඩිවෙලා හිටපු මේ කෙල්ලො ටික බලන් ඉන්නේ ප්‍රොෆෙස බීන් එනකන්.
" Hi guys..." බෙස් පන්තියට ඇතුල් උනු ගමන්ම හැමෝටම අත වැනුවා. y/nත් අනිත් අය එක්කම අත වැනුවේ සුපුරුදු විදිහට. බෙස් දැන් කලින් වගේම Y/n එක්ක එකතුයි...යාළුවො විදිහට බෙස් & y/n කලින් හිටියටත් වඩා ලං උනා කිව්වොත් හරියටම හරි.
" අදත් යුංගි පන්තිය අනිත් පැත්ත ගහයිද දන්නෑ " ස්කාලට් y/n ට හිනාවෙවී කිව්වේ ගියපාර යුංගි පන්තියටම බැනලා ගියපු හැටි මතක් කරමින්.
" මම හිතන්නෑ අද කෑ ගහයි කියලා " Y/n ස්කාලට්ට ඇහැක් ගැහුවා.
" ඇයි ඇත්තටම යුංගි ඒ කෑගැහුවේ? මම රෝහල් අංශෙ හිටපු කාලෙ ගොඩක් දේවල් මගෑරිලා වගේ " බෙස් Y/nට එහාපැත්තෙන් වාඩි උනා.
" යුංගි හැමදාම වාඩිවෙන තැන ' Min Yoongi Son Of B*tch ' කියලා කවුදෝ මැජික් බලෙන් ලියලා...ඒකට කේන්ති ගිහින් තව පොඩ්ඩෙන් යුංගි Death spell එක මෙතන කියනවා " තවත් ජෙනී එහෙම කියලා Y/nට වැලමිටෙන් ඇන්නා.
" ඇත්තටම කවුද ඒක ලියලා තියෙන්නෙ? "
" මම දන්නෑ...මම එනකොටත් ඒක එහෙම්මයි තිබ්බේ "
"y/n දන්නවද? "
" ම්ම්ම්...ඔව් " Y/n අදිමදි කර කර යාළුවො දිහා බැලුවේ ඒක කියන එක හරිද වැරදිද කියලා Y/nට කිසි තේරුමක් නොතිබ්බ නිසයි.
" කවුද ඒ!!!?? " කෙල්ලො තුන්දෙනාම එකපාර එක හඬින් y/nගෙන් ඇහුවා.
" ඒ ඩ්‍රැකෝ මැල්ෆෝයි "
" මට හිතුනා!! " y/n කියද්දිම වගේ ස්කාලට් මේසෙට අතින් ගැහුවේ ඒ විදිහට කියලා.
ESTÁS LEYENDO
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanficඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්‍රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...