The Slytherin Bad Boy 🐉
-Chapter 12-
පාන්දර යුංගිට ඇහැරුනෙ දැනුනු ලොකු සීතල නිසා. අතින් ඇස් පොඩි කර කර යුංගි වටපිටාව බැලුවා. යුංගිගෙ කොළපාට පුංචි ඇස්වලට මුලින්ම අහූනේ කිසි ඇඳුමක් නැති තමන්ගෙ ඇඟ... ( Author : ඔය dirty mind කෙල්ලො ටික වැඩිදුර හිතන්න යන්න එපා 😏🌚) ඊලඟට කකුල අයිනෙ තිබ්බ බ්ලැන්කට් එක, ඊටත් පස්සේ නිවිලා ගිය උඳුන...
යුංගි ඇඳේ කොනකින් වාඩිඋනේ කොණ්ඩෙ අතින් හදාගනිමින්. ඒවෙලාවෙ තමයි යුංගිට Y/nව මතක් උනේ !! මේ පාරත් කලින් පාර වගේම Y/n යුංගිව දාලා ගිහින්!! ඒක මතක් උනා විතරයි දඩිබිඩි ගාලා නැගිට්ට යුංගි ඇඳුම් ඇඳගත්තා.මෙදාපාරත් මැල්ෆෝයි මොකක් හරි කරලා තිබ්බොත් මිනියක් මැරෙන සීන් එකෙන් යුංගි කාමරෙන් එලියට බැස්සා.
ඒත් මෙදාපාරනම් යුංගි හිතුවා වැරදියි. යුංගි යනකොට Y/n ඉන්නවා පළමු වසරෙ පොඩි ලමයි ටිකක් වට කරගෙන ස්ලිදරින් ඉතිහාසය කියා දිදී පොදු කාමරේ.
" Y/n! " යුංගි ඈත ඉදන් කතා කරාම Y/n ඔළුව උස්සලා යුංගි දිහා බැලුවා.ඒ කරලා ලොකු හිනාවක් මූණට අරන් යුංගිටත් එන්න අත වැනුවා.යුංගි එතනට ගියේ කැමැත්තෙන්නම් නෙවේ.
" එහෙනම් ඉතුරු ටික මම හෙට කියලා දෙන්නම්....හෙට හවස හතට පොදු කාමරේ ඉන්නකො හැමෝම " යුංගිගෙ මූණ දැක්කට පස්සේ y/nට ඒක තේරුනු නිසා Y/n ලමයින්ට ඒ විදිහට කියලා යවාගත්තේ යුංගිගෙ මූණ දිහා ආයෙත් බලන ගමන්.
" මොකද!? " y/n කීපසැරයක්ම තමන්ගෙ මූණ බැලුව නිසා යුංගි උරහිස් ඇකිළුවා
" මොකද මම අඩගහද්දි මූණ අකුලගත්තේ? "
" මම පොඩි එවුන්ට වැඩිය කැමති නෑ ඒකයි"
"පුහ්...ඒ ලමයි පොඩිමත් නෑ" යුංගි පොඩි ලමයින්ට කැමති නෑ කියලා දැනගත්තම y/nට හිනාවක් පැන්නා. ඒත් යුංගිගෙ මූණ දිහා බලන් හිනවෙලා මූණ නැති කරගන්න ඕනි කමක් y/nට නොතිබ්බ නිසා y/n ඉක්මනට හිනාව හංඟගත්තා.ඒකෙන් උනේ යුංගිට Y/nගෙ මූණ විකාරයක් වගේ පෙනුනු එක.
" හෑපෝ කැත " යුංගි y/nට ටොක්කක් ඇනලා පොදු කාමරෙන් පිට උනා.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...