The Slytherin Bad Boy 🐉
-Chapter 28-
___________~°~_______________
ආදරණීය කිටී,
ඔයාට කොහොමද? හොඳින් ඉන්නවද? මම පතනවා ඔයා හොඳින් ඇති කියලා. ඒකනෙවෙයි, ඔයා දන්නෙ නෑනෙ මට උනු දේ....
මම දැන් ඉන්නෙ හිල් වූ කල්දේරමේ! බලන්නකො ඒකෙත් හැටි, මම අම්මලා එක්ක ප්‍රංශෙට යන්න හිටියේ. ඒත් මගේ නෑයො නිසා ඒ ගමන මම යන්න බැරි තරමෙ හේතු කිහිපයක් ආවා. දන්නවද මගේ නෑනා ලෙයිලා රෝසි අපි ගැන මොන ක්‍රමේකින් හරි දැනගෙන! එයා ඒක තාත්තට කිව්වොත් විනාසයි...
ඒ නිසා මමයි අම්මයි තීරණේ කලා මම ප්‍රංශෙට නොගිහින් ඉන්න එක ඇඟට හොඳයි කියලා. ඒ වෙනුවට මම දියැගොං ඇලී එකේ හිල්වූ කල්දේරම රෙස්ටුරන්ට් එකේ ඉදිරි නිවාඩුව ගත කරනවා. අයියෝ දැන් තැපැල් බස්සො ගණන් ගිහින්...මට ආයෙ ග්‍රින්ඩ්ග්‍රොස්ට් යන්න් වෙයි වගේ.
කොහොම උනත්, මට ඔයාව හුඟක් මතක් වෙනවා. මගේ යාළුවො නිවාඩුව ගත කරන්න මෙහේ ඇවිත් ඇතිය කියලා හිතුවට රෙවෙන්ක්ලෝ කෙල්ලෙක් ඇර වෙන කවුරුවත්ම මෙහේ නැහැ. රෙවෙන්ක්ලෝ කෙල්ලව මම අඳුරන්නෙ නැති නිසා වැඩිය කතාවට නොයන්න තීරණේ කලා. ඉතින් මට හරි පාළුයි...
දියැගොං ඇලී එකේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් සමහර වෙලාවට මට යන්න කම්මැලියි. ඊටවඩා හොඳයි හොග්වාස්ට් වලම නැවැතුනානම්. අපරාදෙ නේද...? මේ මගේ දෙවැනි දවස දියැගොං ඇලී එකේ...ලස්සනට ඉර පායලා. මගේ ගාව වයසක මායාකාරියො දෙන්නෙක් ගෙම්බෙක්ට රණ්ඩු වෙනවා. ඒක හරි විනෝදයි...ඔයත් හිටියනම් අපි දෙන්නටම එකට හිනාවෙන්න තිබ්බා.
ඔයා දැක්කද මේපාර නැෂනල් ක්විඩිච් මැච් එක ලබන මාසෙලු.... හැම තැනම පෝස්ටර්ස්. හැමෝම යන පාටයි, මටත් බලන්න යන්න තිබ්බබම්....ආහ්, මම විකාර කියවනවා නේද? මට සමහර වෙලාවලදි ඔයාව මතක් වෙන එක නතරකරගන්න බෑ...ඇයිද මන්දා. සමහරවිට මම ඔයාට අසීමිතව ආදරේ කරනවා ඇති. මම ආදරෙන් අන්ධ වෙලාද? ඔයත් මට ආදරෙයිද? ඔයා මට ආදරේ උනත් නැති උනත්...පරිස්සමට ඉන්න, හොඳට කෑම කන්න, පාඩම් කරන්න... නිවාඩුවෙන් පස්සෙ හම්බවුණාම මට ලිප්ස් වලට ලොකූඌඌඌ කිස් එකක් ඕනිමයි.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්‍රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...