The Slytherin Bad Boy 🐉
-Chapter 26-
පාස්කු නිවාඩුව පටන් ගත්තෙ නිල්පාට අහසකුත් කොළපාට පරිසරයකුත් එක්ක...ඝණ ලෝගුවලට සමුදීලා හිටපු හැම ළමයෙක්ම සැහැල්ලු කෙටි ඇඳුම් වලින් සැරසිලා හොග්වාස්ට් දුම්රිය එනකන් වේදිකාවට වෙලා බලන් හිටියා. කෙටි නිවාඩුවලටත් ගම් රටවල් බලා යන ළමයි ගැන අප්‍රසාදයෙන් ප්‍රොෆෙස ස්නේප් හොග්වාස්ට් ඉහළ කුළුණෙ කවුළුවකින් ඒ දිහා බලන් හිටියෙ මූණ අකුලගෙන...
දුම්රිය වේදිකාවෙ නවත්තද්දි ළමයි බොහොමයක් හොඳ තැන් අල්ලගන්න බලන් පොරකන්න පටන් ගත්තා...හොග්වාස්ට් වලින් හතරෙන් දෙකක්ම පාස්කුවට ගෙදර යනවා වගේ!
Y/n තමන් දාගෙන හිටපු තොප්පිය එක අතකින් හදාගන්න ගමන් වටපිට බැලුවා...තවමත් ළමයි පොරකනවා...ටිකවෙලාවක් ඒ දිහා බලන් හිටපු Y/n පිටිපස්සෙම කෝච්චි පෙට්ටිය ගාවට හිමි හිමීට ගෑටුවෙ ඒ පෙට්ටිය දිහා එකෙක්වත් හැරිලා නොබලපු නිසයි.
Y/n කෝච්චි පෙට්ටියට නගිද්දි y/n එක්ක තවත් කෙනෙක් කෝච්චියට නැග්ගා කියලා y/nට පෙනුනෙ නෑ...ශීට් තිබුනු පුංචි කුටි අතරින් ඉස්සරහට ගියපු y/nගෙ අතේ තවත් සීතල අතක් යාන්තමට ගෑවුණා. ඒ ස්පර්ශයත් එක්කම y/nගෙ සුලැගිල්ලෙ තවත් සුලැගිල්ලක් පැටළුණා...y/n පිටිපස්ස හැරිලා බැලුවෙ ඇස් ටීක්බෝල සයිස් කරන්!
එතන හිටියෙ....
ඩ්රැකෝ මැල්ෆෝයි!" ඩ්-ඩ්රැකෝ! " y/n කේන්තියෙන් අත ගසාදැම්මා.
" y/n... " ඩ්රැකෝගෙ හඬේ තිබ්බෙනම් සරල, පැහැදිලි බවක්. වෙනදා ඒ හඬේ ගැබ්වෙලා තිබ්බ කුහක, උපහාසාත්මක, ඊර්ෂ්‍යාවෙන් පිරුණු ගතිය අද ඒ සීතල හඬේ නැහැ...ඒ වගේම ඒ මූණෙත් කිසිම කෛරාටික ගතියක් ගෑවිලා තිබ්බෙ නෑ...y/nගෙ මූඩ් එක එසැනින්ම ආයෙත් පුදුමයෙන් පිරුණු ගතියකට හැරුණා...
" පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? " ඩ්රැකෝ ඇහුවෙ යාන්තමට හිනාවෙන ගමන්.
ඩ්රැකෝ මැල්ෆෝයිගෙ මෙහෙම සයිඩ් එකක් y/n මේ දැක්කමයි! පොඩ්ඩක් කතා කරන්න? යුංගි එක්ක පොඩ්ඩ පොඩ්ඩ කතා කරන්න ගිහින් වෙච්ච ඒවා y/n දන්න නිසා ඩ්රැකෝගෙ ප්‍රශ්ණෙට උත්තරයක් නොදුන්නු y/n ඩ්රැකෝ දිහා සැකය පිරුණු ඇස්වලින් බලන් හිටියා...
ŞİMDİ OKUDUĞUN
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Hayran Kurguඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්‍රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...