The Slytherin Bad Boy 🐉
-Chapter 11-
" ඒ ආගස් ෆ්ලිච් නේද? " Y/n බයවෙලා යුංගි දිහා බැලුවට යුංගිගෙ ඇස්නම් තිබ්බේ තාමත් y/nගේ බාගෙට ගැලවුණු ඇඳුම් ලඟ.
" යුංගි!!! " ඊලග පාර y/n අත් දෙකෙන්ම යුංගිව හෙලෙව්වා.
" ඔතන ඉන්න එකා වහාම එනවා ඉදිරියට ! " ෆ්ලිච් කෑ ගහද්දි හොඳ සිහියට ආපු යුංගි ඒ ක්ෂණිකව ලග තිබ්බ ගඩොලකට මැජික් යශ්ටියෙන් තට්ටුවක් දැම්මා.
යශ්ටිය තට්ටු කරපු තැන තිබ්බ විසාල ගල් ගඩොල් එහාට මෙහාට වෙලා එක්කෙනෙක්ට රිංගන්න පුලුවන් තරමෙ පටු පාරක් මතු උනා.
ඒ පාරට y/nව ඇදලා දාගත්තු යුංගි තත්පර බාගයක් ඇතුලත y/nගාවට ඇවිත් ආයෙත් ගඩොල් වලට මැජික් යශ්ටියෙන් පොඩි තට්ටුවක් දැම්මෙ පුදුම වේගෙකින්. ගඩොල් ආයෙත් එකතුවෙලා එතන බිත්තියක් හැදෙද්දිම තමයි ෆ්ලිච් කොරිඩෝවෙ වංගුවෙන් මතු උනේ.
" මැල්ෆෝයි! තමුන් කිව්ව විදිහට කවුරුවත් මෙතන නෑනේ " එක අතකින් ලාම්පුව උස්සන් අනිත් අතින් මොකද්දෝ කොලයක් අරගෙන හිටපු ෆ්ලිච් ලාම්පුව මැල්ෆෝයිගෙ මූණට ඇල්ලුවා.
" ඒත් මම දැක්කනේ මින් යුංගි මේ පැත්තට එනවා " මැල්ෆෝයි කෙන්තියෙන් ෆ්ලිච්ගෙ ලාම්පුව තිබ්බ අත අහකට කරා.
මේ අස්සේ y/n ගැහෙනවා. කියන්න බෑනේ අහු උනොත් කපෝති. කටින් සද්දක් පිටවෙන්න පුලුවන් අවධානම වැඩි නිසා y/n හැඳුවේ අතින් කට වහගන්නයි.
Y/n එක්ක එකට තෙරපිලා වගේ බිත්ති දෙකට හේත්තුවෙලා හිටපු යුංගි y/n අත අල්ලගත්තා.
" ඇ-ඇයි? " Y/n වෙවුල වෙවුල රහසින් අහද්දි යුංගි එයාගෙ ඇගිල්ලක් y/nගෙ දෙතොල් මත තියලා y/nව නිශ්ශබ්ද කරා. ඒත් y/nගෙ දෙතොල් තවමත් වෙවුලනවා. ඒක දැක්කම යුංගිට කන කොනකින් හිනාවක් ගියා.
" ඔයා මාව මේකට පොළඹවනවා " y/nගෙ කනට රහසින් මුමුණපු යුංගි ඒ ගැම්මටම y/nගෙ දෙතොල් වලට පහත් උනේ බොහොම ඉක්මනට. ඊළග තත්පර කීපය පුරාම මේ කපල් එකට ඇහුනේ මැල්ෆෝයි ෆ්ලිච් එක්ක වාද කරන හඬ විතරයි.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...