The Slytherin Bad Boy 🐉
-Chapter 10-
" triwizard yuleball මෙම වසරේදි නොපැවැත්වීමට ගත් තීරණයට බොහෝ සිසු පිරිසක් අභියාචනා ඉදිරිපත් කළ හෙයින්ද Beauxbatons විශේෂ ඉල්ලීමක් කොට එය පවත්වන ලෙසට ඉල්ලීම් කළ නිසාද හොග්වාස්ට් මායාකර්ම පාසලේ භාරකාර මණ්ඩලය එය පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා එමනිසා triwizard yuleball නත්තල් මස පැවැත්වීමට නියමිත බව ඔබ සැමට මම දැනුම් දෙනවා "
රෑ කෑමට ප්රධාන ශාලාවට ගියපු හැමෝටම ඒ විදිහට නිවේදනය කලේ වෙනකවුරුවත් නෙවෙයි ඩම්බ්ල්ඩෝතුමා. හැමෝම සතුටින් කෑගහන්න ගත්තු නිසා මුළු ශාලාවම ලොකු ඝෝෂාවකින් පිරිලා ගියා.
Y/n තවමත් ඉන්නේ ඊයේ දවසෙ සිද්දවෙච්ච දේ ගැන තෝන්තුවාවෙන්. ඒ නිසාද කොහේද යුංගි හොරැහින් බලන හැමවෙලාවකම යුංගිට දැකගන්න පුලුවන් උනේ තරු පිරිච්ච සිවිලිමට ඇස් යවාගෙන ඉන්න y/nව.
" ඒයි y/n මින් යුංගි ඔයාදිහා බලන් ඉන්නවා " y/n ගාව හිටපු කෙල්ලෙක් y/nට වැලමිටෙන් ඇනලා ඇහෙන් යුංගිව පෙන්නුවා. Y/n යුංගි දිහා සුදුමැලි විදිහට බලද්දි යුංගි කලේ තරහෙන් අහක බලාගත්තු එක. යුංගිට ඕනි උනේ තමන් ඉන්නේ තවමත් තරහෙන් කියලා y/n ට අඟවන්න.
" එහෙනම් ඒ කතාව ඇත්ත...යුංගි ඔයාට ලයින් නේද ? " y/n ආයෙත් තරු පිරුණු සිවිලිම දිහාට ඇස් යවද්දි අර කෙල්ල y/nගෙන් එහෙම ඇහුවා.
" සමහර විට " y/n දුර්වලව සුසුමක් පිටකලේ එහෙම කියලා.
මේ සේරම දිහා ඈත කොනක ඉදන් බලාගෙන හිටපු තව කෙනෙක් හිටියා...ඒ තමයි ඩ්රැකෝ මැල්ෆෝයි...ඩ්රැකෝගෙ හිතේ ඒ වෙලාවෙ වැඩ කරන දේ දන්නේ ඉතින් දෙවියොම තමයි!
____________________
රෑ කෑමින් පස්සේ y/n නැගිටින්නත් කලින් යුංගි නැගිටලා යන්න ගියේ තවමත් එයා තරහින් කියලා y/nට අඟවන ගමන්...
කොයි කොල්ලටද ඉතින් තරහා නොයන්නේ තමන්ගෙ කෙල්ල වෙන කොල්ලෙක් කිස් කරොත්.
යුංගි නැගිටලා ගියාට පස්සේ y/n ආයෙමත් දුර්වල සුසුමක් හෙලලා වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටා...ප්රධාන ශාලාවෙන් පිට උනාට y/nට යන්න කියලනම් තැනක් තිබ්බෙ නැහැ.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙎𝙡𝙮𝙩𝙝𝙚𝙧𝙞𝙣 𝘽𝙖𝙙 𝘽𝙤𝙮🐉
Fanfictionඅඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි...