Chapter 01

487 74 9
                                    

මේ වෙද්දි හැම ඔරලෝසු කණුවකම වෙලාව හවස පහ ලෙස සටහන් වුණත්, කාර්ය්‍යබහුල සෝල් නගර සීමාවේ පිහිටි සෝල් උසස් පාසලේ තිබුණූ එක් කාමරේක අද උදේ ඉදන් දැල්වී තිබුණු තනි ලයිට් බල්බ් එක නම් තාමත් ඒ විදිහටම දැල්විලා තිබුණා.

"රජතුමනී......... කරුණාකරලා මා පවසනා දෙයට සවන්දෙන්න උතුමාණෙනි...."

සෝල් උසස් පාසලට ඇතුළුවෙන්න තිබෙන ප්‍රධාන කොරිඩෝව ආසන්නයේම තිබුණු පාසලේ නාට්‍ය කාමරෙන් ඇසෙන්න ගත්ත ඒ අදෝනාව, අඳුරුවෙමින් පැවති කොරිඩෝව පුරාව දෝංකාර දුන්නා.

"මා මේ රැගෙන ආ පුෂ්පයන් නිසා අගබිසවුන්ට කරදරයක් වේයැයි සිහිනෙන්වත් නොසිතුවෙමි උතුමාණෙනි..... මීට දින කිහිපයකට පෙරදි හ්හ්හහ.... මා එතුමිය බැහැ දකින්නට ඇතුළු මාළිගයට පැමිණි අවස්ථාවේදී එතුමිය...... හ්හ්හ් එතුමිය පැවසුවා ඇය නිල් මහනෙල් පුෂ්පයන්ට බොහෝ සෙයින් ඇලුම් කරනා බවට..... ඒ නිසයි උතුමාණෙනි මා ඇයට මේ පුෂ්පයන් තිළිණ කලේ.... වෙන කිසිම දෙයක් ගැන මා නොදනිමි උතුමාණෙනි....... හ්හ්හ්හ්..... කරුණාකර මාව විශ්වාස කරන්න රජතුමණි...."

අඳුරු ලා කහ පාටකින් ඒකාලෝකමත් වුණූ ඒ පුංචි කාමරේ පුරාම විහිදි යන්න ගත්තේ වේදනාව පිරුණු දුක්බර කටහඬක් පමණයි.

"මෙය කුමන්ත්‍රණයක් උතුමාණෙනි... මා මාළිගාවෙන් නෙරපා හැරිමට ඇටවු උගුලක්..... මම නිර්දෝෂියි උතුමාණෙනි.... කරුණාකර මාව විශ්වාස කරන්න...!!!! මෙය මාගේ වරදක් නෙවේ...... "

මම ටිකක්වෙලා එහෙම්මම බිම දණගහන් ඉදලා ඊට විනාඩි කිහිපයකට පස්සේ drama room එකේ බිත්තියට හේත්තුවෙලා ඇවිත් තිබුණ මගේ කඳුළු පිහදාගත්තා.

"Wooow යුමියා.... ‌ඩෙබාක්!! ඔයා නම් නියමයි.... woah!! හරිම තාත්විකයි.... මං රජතුමා නම් ඔයාව මරන්න දෙන්නේ නෑ... woah!! මටත් කඳුළු ආවා.... ඩෙබාක්...!! "

එහෙම කියාගෙන අත්පුඩිත් ගහන් මං rehearsal කර කර හිටිය drama room එක ඇතුළට ආවේ හයි ස්කූල් එකේ මට ඉන්න එකම යාළුවා වුණු චෝයි මින් සූ තමයි.

"ඔයා කොයි වෙලේද මෙතනට ආවේ? සද්දයක්වත් ඇහුණේ නෑනේ? "

එයා මෙච්චරවෙලා මං මගේ rehearsal නතරකරනකල් බලන් ඉදලා. මං face towel එකෙන් බෙල්ලෙ වටේට වැටිලා තිබ්බ දාඩිය ටික පිහදාන ගමන් මින් සූ ළඟට ඇවිදන් ගියා.

You Found Me ‖ KSJ [2]Место, где живут истории. Откройте их для себя