Chapter 29

239 64 54
                                    

(YUMI POV)

හාට් රේට් මොනිටර් එකකින් තාලෙට වැටෙන බීප් සද්දයක් මගේ ළඟින්ම ඇහෙද්දි, මන් හෙමිහිට මගේ ඇස් අරින්න උත්සහ කලා.

"ජි...ජිනා........"

මට ඇස් අරිද්දිම මතක් උනේ මගේ ජිනාව විතරයි. ඒකයි කෑගහගෙනම මන් ඇඳෙන් නැඟිට්ටේ.

"එයා හොඳින්... එයා දැන් එයාගේ ගෙදර rest කරනවා. බයවෙන්න දෙයක් නෑ යුමියා... එයා හුඟක් හොඳින් ඉන්නවා...."

එකපාරටම නැඟිට්ට නිසා මගේ ඔළුව පුපුරන් වගේ හරිම වේදනයි. මන් ඔළුවත් තදින් අල්ලගෙන ඇස්දෙක ආයෙමත් පියාගත්තා.

"යුමී.... කෙන්චනා.....???"

මන් ළඟින්ම ඇහුණ ඒ හුරුපුරුදු කටහඬක් නිසා මන් ටිකක් ඔළුව හරවලා බලද්දි මට දකින්න හම්බුණේ අන්කල් හන්ව. අවුරුදු හයකට පස්සෙ එයා ආයෙමත් මන් ළඟින්ම ඉදන් හිටියා. හැබැයි එයා ඉඳන් හිටියේ රෝද පුටුවක.

"ජිනාට හුඟක් අමාරුද?"

"නෑ... වාසනාවකට එයාට කිසිම හානියක් නෑ. හැබැයි ටික කාලයක් යනකල් එයාට hard choreography කරන්න බැරිවෙයි. එයා ආයෙ perform කලොත්, එයාගේ උරහිස හොඳ කරගන්න අමාරුවෙයි කියල තමයි ඩොක්ටර්ස්ල නම් කියන්නේ...."

"මො....මොනවාහ්....? අනද්වේ.... ආාහ්හ්හ.."

"කෙන්චනා යුමී..... එයාට ඉක්මණටම සනීපවෙයි... බයනොවී ඉන්නකෝ...."

"මන් මේ මොකද්ද කලේ??? මන් මොකද්ද එයාගේ ජීවිතේට මේ කලේ??? ආාා....හ්හ්හ්.... මේ හැමදේම එයාට වුණේ මගේ කාලකණ්ණිකමටයි. අහ්.. බියානේ...... චොම්මබල් බියානේ ජිනා......"

මන් මගේ අතේ ගහලා තිබ්බ සේලයින් කටුවත් ගලවලා දාලා ඇදෙන් නැඟිට්ටෙ එතනින් යන්න හිතාගෙනයි.

"කොහෙද ඔය යන්න හදන්නෙ යුමී..... ඔයාගේ breathing තාම weak level එකක තියෙන්නේ.... ආයෙමත් ඔයාට අමාරුවෙයි...."

"ඇයි ආයෙ ආවේ?"

අන්කල් මාගේ අතින් අල්ලලා මාව නවත්තන්න හැදුවත්, මන් එයාගේ අත ගසලා දැම්මේ පුදුම තරහකින්.

"ඇයි මාව අතරමන් කරලා ගියාට පස්සෙ ආයෙමත් ආවේ....?? ඔයාලා ඔක්කොම මාව නොමරා මැරුවා... ඇයි ආයෙ මගේ ජීවිතේට ආවේ.... මට ඔයාගේ මූණවත් බලන්න ඔිනෙ නෑ...."

You Found Me ‖ KSJ [2]Kde žijí příběhy. Začni objevovat