Chapter 13

232 67 19
                                    

(3RD PERSON's POV)

"යුමී...? ඔයා ආස නැද්ද ආයෙම angle ව බලන්න යන්න..? හ්ම්?"

"මම... හුඟක්... ආසයි... මට හැමදාමත් ඔිනි කලේ... එයාව බලන්න තමයි...."

මෙච්චර කාලයක්ම සොක්ජින්ට කියාගන්න බැරිව හිටිය ඒ කතාව අන්තිමේදි යුමීගේ කටින් කියවුණා.

"චින්චා? අයිගූ මේ කෙල්ල මන්ම ඒක අහනකල්ද බලන් හිටියේ? එහෙනම් අද ඉස්කෝලෙන් පස්සේ අපේ ගෙදර එන්න. ආ... මතක ඇතුව ඔයාගේ මාමාටයි නැන්දටයි මේ ගැන කියලම එන්න. නැත්තම් එයාලා ආයෙම කලබල වෙයි."

Angle ව ආයෙම පාරක් දකින්න ආසාවෙන් හිටිය නිසා සොක්ජින්ගේ ආරාධනාව අහක දාන්න යුමීට ලෝභ හිතුණත් මේ ගැන ටිකක් වෙලා එයා කල්පනා කලා. එයා කැමැති උනේ නෑ සොක්ජින්ට කරදරයක් වෙන්න.

ඒත් angle බලන්න යන්න තිබ්බ එයාගේ ආසාව නිසා එකම එකපාරකට විතරක් සොක්ජින්ගේ ගෙදර යන්න අකැමැත්තෙන් වුණත් යුමී අන්තිමේදි තීරණය කලා.

ඉතින් යුමී ඉස්කෝලෙ ඇරුණ ගමන් කෙලින්ම ගෙදර ගියේ ඒ පණිවිඩේ මාමාටයි නැන්දයි කියන්න උනත් ඒ දෙන්නම එවෙලේ ගෙදර හිටියේ නැති නිසා අජුම්මාට ඒ ගැන කියලා සොක්ජින් එක්කම එයාගේ ගෙදර යන්න පිටත් උනා.

ගෙදර ආවා ගමන්ම ජින් කෙලින්ම ගියේ kitchen එකේ හිටිය එයාගේ අම්මා ළඟට. ඒ ගිහින් ඔම්මාව හරි ආදරෙන් hug කලේ යුමීත් සපත්තු ගලවලා kitchen එක පැත්තට ඇවිදන් එනකොටයි.

"අයිගූ මගේ කොල්ලා.... අද වේලාසනින්ම ගෙදර ඇවිත් නේ.......

-ඔමෝ.... සොක්ජිනා??!! කවුද මේ ලස්සන සුරංගනාවී? ඔයා කවදාවත්ම කිසිම කෙනෙක්ව මෙහෙ එක්කන් ඇවිත් නෑනේ..."

යුමී එයාව අඳුන්වලා දෙන්න කට අරින්නත් කලින්ම සොක්ජින්ගේ අම්මා ඇවිත් යුමීට හුස්ම හිරවෙන තරමට තදින් බදාගත්තේ සොක්ජිනුත් හිනාවෙවී ඒ දෙන්නා දිහා බලන් ඉන්නකොටයි.

සොක්ජින්ගේ අම්මා යුමීත් එක්ක හරිම ආදරෙන් කතා කරන්න ගත්තේ හරියට අවුරුදු ගාණක ඉදන් දන්න අඳුරන කෙනෙක්ට වගේ. යුමීත් මේ දේවල්වලට පුරුදු වුණේ හරිම පුදුමෙන්. ඒ වගේම ජින්ගේ අම්මා එක්ක කතා කලේ වචන කීපයක් උනත් යුමීට තේරුනා ජින්ටත් මේ වගේ අනිත් අයට කරදර කරලා හරි එයාලව හිනස්සන්න පුළුවන් හැකියාව එයාට එන්න හේතුව එයාගේ අම්මා කියලා.

You Found Me ‖ KSJ [2]Donde viven las historias. Descúbrelo ahora