(3RD PERSON's POV)
එක දිහාවක් බලලා ආයෙම මේ පැත්ත හැරෙන තත්ත්පරේට, සිද්ධ වෙච්ච හැමදේම කණපිට හැරේවි කියන එක නම් අපි කවුරුවත් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි.
කිසිම කෙනෙක් තමන්ගේ ජීවිතේට එක දිගටම, එක පිට එක කරදර ගලා ඒවි කියලා කීයටවත් හිතන්නෙ නෑ කියලා මම දන්නවා. මොකද ඒ තරමටම මේ ලෝකේ දරුණු නෑ කියලයි හැමෝම හිතන් ඉන්නේ.
ඔව්.!!
සමහර දවස්වලට නොහිතනා සිදුවීම්වලට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා තමයි. ඒත්, යන එනමන් නැති වෙන තරමටම ඔයාගේ ජීවිතේ අපායක් වෙයි කියලා ඔයා හීනෙකින්වත් හිතලා තියෙනවද?
ඒත් කොරියාවෙ හිටිය ධනවත්ම කන්ග් පරම්පරාවේ වගේම මින් පරම්පරාවෙත් එකම මිනිබිරී වෙච්ච කන්ග් යුමීට, මේ මුහුණ දෙන්න සිද්ධ වුණ හැම සිදුවීමක්ම සිද්ධ වුණේ හරිම අවාසනාවන්ත විදිහටයි.
පොඩි කාලෙ ඉදන්ම හැමදේම අඩු නැතුව තිබිලත්, අන්තිමේදි කිසිම දෙයක් කරකියා ගන්න බැරි තරමට අන්ත අසරණ වුණ තරුණ ගෑණු ළමයෙක්ගේ ජීවිතේ මෙච්චරටම අවාසනාවන්ත උනේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඔයාගේ හිතෙත් තියෙනවා නේද?
තමන්ගෙම අය තමන්ට මෙහෙම යන එනමන් නැති තැනට පත් කරද්දි, තාමත් ඉස්කෝලෙ යන මේ කෙල්ල මේ දේවල්වලට කොහොම මුහුණ දෙයිද කියලා කවුරුවත්ම හිතුවෙ නැත්තෙ ඇයි?
තරුණ වයසෙදිම අම්මයි තාත්තයි දෙන්නම මැරිලා යනවා.
තමන්ටත් වඩා විශ්වාස කරපු, හොඳම යාළුවා කියලා හිතන් හැමදේම share කරගත්තු ඈයොම අන්තිමේදි තමන්ට පිටුපාලා යනවා.
ඉස්කෝලයක් ඉස්සරහම ළමයිගෙන් කරදර විඳින්න වුණා. ළමයි අතරේ bully වුණා.
ජීවිතේ ප්‍රථම වතාවට කොල්ලෙක් නිසා තමන්ගේ හදවත ආදරෙන් ගැස්සෙද්දිත්, එයාගේ සතුට වෙනුවෙන් ඒ හැඟීම් මුළු ලෝකයාට හංගන්න වෙනවා.
එතකොට දැන්.......
ඉන්න හිටින්නවත් තැනක් නැතුව මහ පාරේ වැටිලා ඉන්න සිද්ධවෙලා.
මිනිස්සුන්ට මෙහෙම දේවලුත් වෙන්න පුළුවන්ද?
මේ වගේ මිනිස්සුන්ටත් කවදාවත් සතුටින් ඉන්න බැරි වේවිද?
ESTÁS LEYENDO
You Found Me ‖ KSJ [2]
Fanficමිනිස්සු හොයන්නේ හයියෙන් අල්ලගෙන හුඟක් දුර යන්න පුළුවන් අතක් මිසක් ඔහේ යන්නම් වාලේ ගිහින්, මඟදි අත් ඇරලා යන අතක් නෙවෙයි. ඉතින් අත ඇරෙන අත් අතරේ, අත් නොහරින අත් හොයාගන්න එක අපි හිතන තරමටම ලේසි ද? . . . . . . "I lost me, but you FOUND me." Awards: �...