(JIN POV)
"ජිනා..... යන්න කලින් කාලම යන්න අදල්... බඩගින්නේ යන්න එපා."
ඔම්මා කෑගහන සද්දේ මට කාමරේටම ඇහෙනවා.
"අද සෙනසුරාදනේ.... එයා කොහෙද අද නිවාඩු දවසෙත් ඔය යන්න හදන්නේ?"
"අප්පාට අමතක උනාට අද මගේ drama competition එක. ඒකටයි මං මේ යන්නේ.. ඔම්මා.... මං ticket ටික cabinet එක ළඟින් තියලයි තියෙන්නේ. මතක් කරලා එන්න හොදේ...."
මං කෑම මේසෙට එනකොට ඔම්මයි අප්පයි හ්යොන්නුයි තුන්දෙනාම කෑම කන්න මේසේ ඉදගෙනයි හිටියේ. මං මේසෙන් ඉඳගන්න කොටම අප්පගෙ ඒ නපුරු බැල්මෙන් නම් මට ගැලවෙන්න බැරි උනා.
"මොකද්ද මේ කියන්නේ සොක් ජින්? මං තමුන්ට කියලා තියෙනවා ඔය නාට්‍ය පස්සෙන් යන්නෙ නැතුව මගේ business වැඩ වලට උදව් කරන්න කියලා. ඔිවට යන්න ඔිනි නෑ... අද මාත් එක්කලා office එකට යමු.. හ්ම් හ්ම් ඉක්මණට කාලා ලෑස්ති වෙනවා."
"මට බෑ.... මං office යන්න එන්නේ නෑ.... අද competition එකේ මං තමා ප්‍රධාන චරිතේ... මං නැතුව කොහොමද එයාලා තරඟෙට යන්නේ අප්පා?? ආ?"
"තමුන් මං කියන කිසිම දෙයක් කනකට ගන්නෙ නෑනේ සොක් ජින්? ඒකට බලනවා තමුන්ගෙ හ්යොන්!! ඒ ළමයා මගේ ගෞරවය තියාගෙන මං කියන විදිහට වැඩ කරනවා... ඇයි තමුන්ට බැරි හ්යොන් වගේ හැදෙන්න."
"අප්පා..... මමයි හ්යොනුයි කියන්නේ දෙන්නෙක්. මමත් හියොන් වගේ අප්පා කියන කියන විදිහට කරයි කියලා හිතුවද? මට මං කැමැති දේ කරන්න දෙන්න අප්පා... මමත් ආස දේවල් තියෙනවා. සල්ලිම නෙවෙයි අප්පා ජීවිතේ කියන්නේ... ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ඔම්මා මං යනවා.... අප්පගෙ කියවිල්ල නිසා මගේ බඩ හොඳටම පිරුණා."
"කිව්වම අහලා ඔහොම නවතිනවා සොක් ජින්!!"
මං තරහටම ඉස්සරහ දොර ළඟ තියල තිබ්බ මල් පෝච්චියකටත් පයින් ගහලා ගෙදරින් එළියට ආවා. ඒත් ඒ පාරින් මටමයි තුවාල උනේ.
මම කිම් සොක් ජින්. මාව දන්න හැමෝම මට කතා කලේ සොක් ජින් කියලා. ඇත්තටම මං කැමැතියි මගේ පාඩුවේ ඉන්න. ඒ කිව්වෙ... මං නිහඬ චරිතයක්. ඒ වගේම මන් ටිකක් ලැජ්ජශීලී කෙනෙක්. ඒත් මගේ පංතියෙ ළමයි නම් කියන්නේ මන් එහෙම වෙලා තියෙන්නේ මගේ මහ ලොකු ඔළුව නිසා කියලා. ඔව් ඒක වෙන්නත් පුළුවන්. මොකද මට ඔිනම දෙයක් ඔිනවාට වඩා ඔිනි නැති නිසයි.
KAMU SEDANG MEMBACA
You Found Me ‖ KSJ [2]
Fiksi Penggemarමිනිස්සු හොයන්නේ හයියෙන් අල්ලගෙන හුඟක් දුර යන්න පුළුවන් අතක් මිසක් ඔහේ යන්නම් වාලේ ගිහින්, මඟදි අත් ඇරලා යන අතක් නෙවෙයි. ඉතින් අත ඇරෙන අත් අතරේ, අත් නොහරින අත් හොයාගන්න එක අපි හිතන තරමටම ලේසි ද? . . . . . . "I lost me, but you FOUND me." Awards: �...