Chapter 04

243 74 21
                                    

(යුමීගේ මවගේ මරණින් දවස් තුනකට පසු)

"බොහොම ස්තූතියි ඔබතුමාගේ busy schedule එකත් එක්ක මගේ නංගිගේ මළගෙදර ආවට."

"ඒක සුළු දෙයක්... මටත් හරිම කණගාටුයි සෝ යුනාට වෙච්ච දේ ගැන. අර මිනිහා මොන හිතකින්ද මේ වගේ තිරිසන් දෙයක් කලේ.... මොන තරම් ජරා මිනිහෙක්ද? දැන් මිනිහා හිරේ නේද?"

"දේ director ලී...... මගේ නංගිට මේ කරපු අපරාදෙට මං ජේ හ්යොන්ට මැරෙනකල්ම ආයෙ එළියට එන්න දෙන්නේ නෑ. මං මිනිහව ලේසියෙන් අතඅරින්නෙ නෑ."

"හ්ම්...... එහෙම තමයි කරන්න ඔිනි. අර අතන ඉඳන් ඉන්නේ සෝ යුනාගේ දුවද?"

"දේ.... ඒ තමා යුමී... මගේ නංගිගේ එකම දුව... හැබැයි තාමත් එයා කාත් එක්කවත් වචනයක්වත් කතා කරන්න කැමැති නෑ.‍ එයත් ඔය දවස් දෙක තුනක් තිස්සේම hospital එකේ ඉදලයි ඇවිත් ඉන්නේ... ඒ දරුවත් shock එකක් ආපු ගමන් ලෙඩවෙනවනේ...."

"ආ... ඒ දරුවට කරදර කරන්න එපා. මේක ඒ ළමයට ඇත්තටම ලොකු shock එකක්නේ.... පවු අසරණි... මේ දෙමව්පියන්ගෙ වැරදි නිසා අන්තිමෙදි දුක්විඳින්නේ මේ අසරණ දරුවෝ. Huh.... එහෙනම් මං ගිහින් එන්නම් මින් සුන්... මොනවහරි දෙයක් තියෙනව නම් මගේ මැනේජර්ට කතා කරලා කියන්න."

"කන්සම්මිදා director ලී. ඒ වචනෙත් මේ වෙලාවේ අපිට හුගක් වටිනවා."

මගේ මාමායි නැන්දයි දෙන්නම ඔම්මගේ funeral එකට ඇවිල්ලා හිටපු හැමෝමත් එක්කම කතා කරනවා මට ඇහුණත් ඒ ආපු කාත් එක්කවත් කතා කරන්න තරම් මට අවශ්‍යතාවක් තිබ්බේ නෑ. මට ඔිනි උනේ ඒ හැමෝටම මෙතනින් යන්න කියලා කෑගහලා කියන්නයි.

ඔ...‍‍ම්මා.......!!! මට එදා ඔම්මව දාලා නොයන්නයි තිබ්බේ.... මං.... මං එදා නැවතුණා නම්.....

ආශ්.......... වේ අප්පා? වේ? මොන හිතකින්ද ඔම්මටයි මටයි මෙහෙම කලේ?

අම්මාගේ ring එක අතේ ගුලි කරගන්න ගමන් මන් මගේ දෙවෙනි පාරටත් මගේ inhaler එකත් use කලේ ඉක්මණටම hospital එකෙන් discharge වුණා උනත් තාමත් මට හුස්ම ගන්න අමාරු බව තේරුණ නිසයි.

..............

"මේ මිනිහව මොකටද මෙතනට එක්කන් ආවේ? මෙයාට මෙතනට එන්න අයිතියක් නෑ."

You Found Me ‖ KSJ [2]Opowieści tętniące życiem. Odkryj je teraz