(3RD PERSON's POV)
සාමාන්‍යයෙන් ඉස්කෝලෙකට දෙවෙනි වාරෙත් ඉවරවෙලා ඒ term එකේ මාසෙකුත් ගිහිනුත් ඉවරවුණ තැන අළුතෙන් ළමයෙක් ඒ ඉස්කෝලෙට transfer වෙනවා නම් ඒකෙන් කියන්නේ ඒ ළමයා එක්කෝ හදිස්සියේම ගෙවල් මාරු කරලා ආපු කෙනෙක් එහෙම නැත්තම් මොකක් හරි හේතුවකට කලින් හිටපු ඉස්කෝලෙන් අයින් කරපු කෙනෙක් කියන එකයි.
හැබැයි Gwancheon high school එකට transfer වෙච්ච කන්ග් යුමී කියන්නේ නම් ඔය කිව්ව හේතු දෙකටම මූණ දුන්නු කෙනෙක්.
"සොක්ජිනා.... මාත් එක්ක ඔය මේසේ උඩ තියෙන පොත් ටිකත් අරන් staff room එකට යන්න එන්න..."
ජින් එයාගේ class teacher ත් එක්කලා staff room එකට යද්දි ඉස්කෝලෙට අළුතින් ආපු ළමයි දෙතුන් දෙනෙක්ම එයාලාගේ අම්මලා තාත්තාලා එක්ක staff room එක එළියේ ඉඳගෙන හිටියා දැක්කා. ඒ අතරින් හිටිය එක ගෑණු ළමයෙක් ගැන නම් එයා කල් තියාම දැනගෙනයි හිටියේ.
"ම්ම්... සොක්ජින්... මේ ඉන්නේ කන්ග් යුමී... අපේ පංතියට එන අළුත්ම සාමාජිකාව. ඔයාට පුළුවන්නේද ඔයාගේ practiceවලට යන්න කලින් යුමීව අපේ පංතියට එක්කගෙන ගිහින් අනිත් දරුවොන්ටත් අඳුන්වලා දෙන්න. හ්ම්?!"
"දේ සෙසන්ග්නිම්....
-අන්න්යහසයෝ.... මගේ නම කිම් සොක්-ජින්. Senior class එකේ class president තමයි මම. ඔයාව හමුවෙන්න ලැබීම සතුටක්.."
ඇවිත් හිටිය යුමීටයි එයාගේ නැන්දටයි මාමාටයි අංශක අනූවටම නැවිලා ආචාර කරපු ජින්, එයා ගැන එහෙම අඳුන්වලා දුන්නේ එයාලත් එක්ක හරි ලස්සනට හිනාවෙන ගමන්.
CZYTASZ
You Found Me ‖ KSJ [2]
Fanfictionමිනිස්සු හොයන්නේ හයියෙන් අල්ලගෙන හුඟක් දුර යන්න පුළුවන් අතක් මිසක් ඔහේ යන්නම් වාලේ ගිහින්, මඟදි අත් ඇරලා යන අතක් නෙවෙයි. ඉතින් අත ඇරෙන අත් අතරේ, අත් නොහරින අත් හොයාගන්න එක අපි හිතන තරමටම ලේසි ද? . . . . . . "I lost me, but you FOUND me." Awards: �...