"The best actress award of the year goes to............... Ms. Kung Yumi from Seoul high school."
මේ තමයි මං හුඟක් කාලයක් තිස්සෙ හීන මවපු ඒ දවස. අද ඒ හීනේ එක මොහොතකින් හැබෑවක් උනා.
ඒත්.... මං හැමෝටම පේන්න එළියෙන් හිනාවෙලා හිටියත්, හිත ඇතුලින් හිටියේ දුක් ගොන්නක්ම හිරකරගෙනයි. මොකද මගේ අම්මාට මේ news එක කියන්න කියලා හිතාගෙන එයාට මං දැන් calls විස්සක් විතර ගන්න ඇති. ඒත් ඒ එකක්වත් එයා answer කලේ නෑ. අනික එයා promise උනා අද මගේ drama එක බලන්න එනවමයි කියලා. ඒ හින්දා දුකට වඩා මගේ හිතේ තිබ්බේ ලොකු තරහක්. පොරොන්දු ඉටුකරන්න බැරිනම් පොරොන්දු නොදී ඉන්න එක තමා කරන්න ඔින හොඳම දේ.
අපේ drama team එකේ හැමෝගෙම වදකිරිල්ල නිසා හැමෝමත් එක්කම competition එක ඉවර උන ගමන්ම කට්ටියම ආවේ Pizza shop එකකට. ඉතින් අද award එක දිනපු සතුට නිසා මට හැමෝටම මං ගානේ pizza අරන් දෙන්න උනත් මං ඒ දේ කලේ ඇත්තටම සතුටින්.
ඊටපස්සෙ මින් සූට ඔිනි උනා gaming arcade එකට යන්න. පුදුම වදයක් දුන්නේ. පස්සෙ ඉතින් එයාගෙ හිත රිද්දන්න බැරිම නිසා පොඩි වෙලාවකට හරි අපි දෙන්නා විතරක් gaming arcade එකට ආවා. අපි ගොඩක් ගේම්ස් සෙල්ලම් කලා. ඊළඟට තරඟෙට Two flavored ice-cream පහක් විතර කෑවා. සූට නම් තියෙන්නෙ බඩක් නෙවේ ගුදමක්ද මන්දා. මොකද මං මගේ පළවෙනි cone එකත් බොහොම අමාරුවෙන් කාලා ඉවර කරද්දි සූ තුන්වෙනි එකත් කන්න පටන් අරන්. මගේ පිස්සු චින්ගුවා. මගේ හොඳම යාළුවා මින් සූයා තමයි.
ඒ උනත්, මගේ හුඟක් දේවල් ගැන එයා ඇත්තටම දන්නෙ නෑ. මට ඒ දේවල් එයාට කියන්න ඔිනි උනෙත් නෑ. මොකද මං බයවුණා මට ලංවෙලා ඉන්න එකම යාළුවත් මගේ ගෙදර ප්‍රශ්න, මගේ ප්‍රශ්න අහලා මාව දාලා යයි කියලා. ඉතින් ඒවගේ දේවල් නිසා මට සතුටින් ඉන්න පුළුවන් උන එකම හේතුව වෙන සූව නැති කරගන්න මට උවමනවෙක් නෑ.
ඉතින් මුළු හවස්වරුවම drama team එකේ අයත් එක්කයි, මින් සූයා එක්කයි ඉදලා එතනීන් මං එළියට එනකොට හවස හයටත් ළඟයි.
කොච්චර හවස් උනත් හැම සෙනසුරාදාට වගේම අදත් මං උණුම උණු hotteok පහකුත් ගන්න අමතක නොකලේ මං අරන් එන hotteok කන්න දෙන්නෙක් මඟ බලන් ඉන්නවා කියලා මං හොඳටම දන්න නිසයි.
YOU ARE READING
You Found Me ‖ KSJ [2]
Fanfictionමිනිස්සු හොයන්නේ හයියෙන් අල්ලගෙන හුඟක් දුර යන්න පුළුවන් අතක් මිසක් ඔහේ යන්නම් වාලේ ගිහින්, මඟදි අත් ඇරලා යන අතක් නෙවෙයි. ඉතින් අත ඇරෙන අත් අතරේ, අත් නොහරින අත් හොයාගන්න එක අපි හිතන තරමටම ලේසි ද? . . . . . . "I lost me, but you FOUND me." Awards: �...