එදා රෑ වෙච්ච සිද්ධියෙන් පස්සේ අන්කල් හන් ආයෙ ආයෙත් මාව බලන්න හැමදාම වගේ ආවා. එදා අන්කල් හන් මාව බලන්න ඇවිත් කිව්ව සමහර කතා ඇත්තටම මට තේරුණේ නෑ. එයා කිව්වා හැමදේම හරිගස්සන්නම් කියලා. ඒ වගේ බහුබූත කතා කියපු නිසයි මට අන්කල් හන් එක්ක එදා හොඳටම කේන්ති ගියේ.
ඉතින් මන් තාමත් එයත් එක්ක කේන්තියෙන් ඉන්න බව දන්න නිසා එක එක හේතු දාහක් විතර හොයන් ඇවිත් අන්කල් මාත් එක්ක කතා කර කර මාව යාළු කරගන්න try කරද්දි මන් කොහොමද එයත් එක්ක තවදුරටත් තරහවෙලා ඉන්නේ.
කොහොමෙන් කොහොමහරි අන්කල් හැමතිස්සෙම කියන්නේ ජේජුවල තියෙන hotels වල වැඩ ඉගෙන ගෙන ඒවල වල වැඩ බලන්න ලෑස්තිවෙන්න කියලා විතරයි. ඒත් මින්සුන් මාමා දැනටමත් ජේජුවල තියෙන hotels වල හැමදෙයක්ම වගේ බලාගන්න නිසා මට ඒ ගැන උවමනාවක් ඇත්තෙම නෑ. අනිත මන් කොහොමත් ඒ දේවල්වලට වඩා මගේ පාඩුවේ ඉන්නයි කැමැති වෙලා හිටියේ.
පහුගිය මාසෙටම වුණ මේ හැමදේකින්ම ඈත්වෙලා සැනසීමේ ඉන්න මට පුළුවන් වුණේ මාමාලගේ ගෙවල් ළඟම තිබ්බ පුංචි පාර්ක් එකට ඇවිදින්න ආපු එකෙන් විතරයි.
අදත් මන් හවස්වෙද්දි තිබ්බ සීතල ගැන හිතන්නෙවත් නැතුව පාර්ක් එක පැත්තට ඇවිදන් ආවා. මං පාර්ක් එකේ කොනේම තිබ්බ ඔන්චිල්ලාවේ වාඩිවෙලා හිටියේ පාර්ක් එක පුරා දඟ කර කර සෙල්ලම් කරන පුංචි දරුවෝ දිහාත් බලන් ඉන්න ගමන්.
ඉරත් බැහැලා පැත්තම කළුවර වැටෙනකොට, ඒ පුංචි පැටව්ගේ අම්මලා තාත්තලා ඇවිත් එයාලව ගෙවල්වලට එක්කන් යන්න හදද්දි සමහරු යන්න බෑ කියලා පැත්තම දෙවනත් වෙන්න කෑගහන හැටි, සමහරු අම්මලාගේ අත්වල දඟ කර කර එල්ලිලා යන හැටි මන් ඔන්චිල්ලාවට වෙලා බලා හිටියා.
YOU ARE READING
You Found Me ‖ KSJ [2]
Fanfictionමිනිස්සු හොයන්නේ හයියෙන් අල්ලගෙන හුඟක් දුර යන්න පුළුවන් අතක් මිසක් ඔහේ යන්නම් වාලේ ගිහින්, මඟදි අත් ඇරලා යන අතක් නෙවෙයි. ඉතින් අත ඇරෙන අත් අතරේ, අත් නොහරින අත් හොයාගන්න එක අපි හිතන තරමටම ලේසි ද? . . . . . . "I lost me, but you FOUND me." Awards: �...