Chapter 30 (Final)

545 83 144
                                    

<<<< TWO YEARS LATER >>>>

"ඔයාට කොහොමද ඔම්මා....?? හොඳින් ඉන්නවනේද...?? හරි හරි මන් ඊයෙත් ආවා තමයි.. හැබැයි අද නම් ආවෙ තනියෙම නෙවෙයි.... බලන්න කවුද ඇවිත් තියෙන්නෙ කියලා...."

"අන්න්‍යහසයෝ ඔමොනිම්.... මගේ නම කිම් සොක්ජින්.... ලබන මාසේ ඔයාලගේ මේ ලස්සන දුවව marry කරන්න ඉන්නෙ මම තමයි. ඔබතුමියව හමුවෙන්න ලැබීම මට ඇත්තටම ලොකු ගෞරවයක්...."

ජින් අංශක අනූවටම නැවිලා යුමීගේ ඔම්මාගේ සොහොනට ආචාර කලා.

"මොකද්ද ජිනා.... අපි දැන් කීපාරක් ඔම්මාව බලන්න ඇවිත් තියෙනවද...? ඔම්මා ඔයාව දන්නෑ කියලාද හිතුවේ..?"

"දැන් මන් ඔයාගේ boyfriend නෙවෙයිනෙ යුමීශී... ඉතින් ඔමොනිම්ට එයාගේ පුතා වෙන්න කලින් එහෙම මාව අඳුන්නවලා දෙන්න හිතුණා. ආයෙ ලබන මාසේ, ඔයාගේ හස්බන්ඩ් විදිහට මාව අඳුන්වලා දීලා ආචාර කරනවා...."

ජිනා බෙල්ලත් කස කසා එහෙම කියද්දි, යුමී කලේ ජින්ගේ මෝඩ කතාවලට හිනා උන එක විතරයි.

"ඔයාත් හොඳින් ඉන්නව නේද අප්පා....?"

සොහොනට එන අතරමඟදි ගත්ත මල් පොකුර, ජේ-හ්යොන්ගේ සොහොන උඩින් තියලා යුමී ඒ ළඟින්ම දණගහගත්තා.

"අප්පා දන්නවද වැඩක්.... මට ඊයෙ... මන් කියපු අර promotion එක හම්බුණානේ... දැන් ඉතින් මට මෙයාගේ ගෑස් බල බල ඉන්න ඔින වෙන එකක් නෑ.... මොකද මමත් දැන් සෑහෙන්න busy වෙයි."

"හජිමා යුමී........!!! ආපු ගමන්ම ඔහොම මන් ගැන වැරදි ඔයාගේ ඔම්මටයි අප්පටයි කියන එක හරිද? ආ....??"

ජිනා තරහින් වගේ එහෙම කියද්දි යුමී හිනාවෙලා එයාගේ අතේ පැටලුනා. ඊටපස්සෙ එයාගේ කම්මුලට සෑහෙන දිග කිස් එකක් දීලා, ආයෙමත් එයාව හිනාගැස්සුවා.

"ඔයා දන්නවද ජිනා.... අම්මා මට දැන් ඔයා ගැන මොකද්ද කිව්වෙ කියලා...."

යුමී එකපාරටම එහෙම ඇහුවාම උඩ බිම බලපු සොක්ජින්, මුකුත් තේරුම් ගන්න බැරිව එයාගේ උරහිස හැකුළුවා.

You Found Me ‖ KSJ [2]Where stories live. Discover now