Chapter 14

213 65 15
                                    

(YUMI POV)

"ඔියි කන්ග් යුමී...... මොකෝ තමුසෙ අපිව දැක්කෙ නෑ වගේ ඇවිඳන් යන්නේ ආ? තමුන් එදා principal ඉස්සරහ ලස්සනට ඇඬුවනේ... ඇත්තම කියනව නම්... මන් නම් පුදුම විදිහට surprise උනා."

"අනේ හේජින් please.... මං ඔයාලට කිසිම දෙයක් දැන් කිව්වෙ නෑනේ.... චෙබාල්... දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්නකෝ...."

"පාඩුවේ ඉන්න දෙන්න... Huh? මේ බලන්නකො girls මෙයා කියන කතාව? මට තමුසෙගෙන් පලිගන්න ඔිනි කන්ග් යුමී... මට පලිගන්න ඔිනි.... තමුසෙ මගෙ කොණ්ඩෙන් ඇදලා මට රිද්දුවා. මගේ ඔම්මයි අප්පයි ඉස්සරහ මට හොඳටම ලැජ්ජ කලා. කොහෙවත් හිටපු නාකි ආච්චිලා ටිකක් එක්කත් අන්තිමේදි අපිට ඉන්න සිද්ධ උනා... මේ දේවල් සේරම තමුසෙ නිසයි. මට මෙහෙම කරපු තමුසෙට මං පාඩුවේ ඉන්න දෙයි කියලා හිතුවද ආ.....? මන් තමුසෙට......."

මන් පංතියට වෙලා පාඩුවේ මගේ කවි පොත කියව කියව හිටපු වෙලාවේ හේජිනුයි එයාගේ යාළුවො දෙන්නයි මාව වට කරන් මගේ කොණ්ඩෙන් අදින්නයි ඒවෙලේ මගේ ළඟට දුවන් ආවේ.

"හේජිනා.... ඔික නවත්තනවා.... දැන් ඔය හොඳටම ඇති...."

එතකොටම චෝහී අපි දෙන්නාගේ මැද්දට පැනලා එයා මගේ කොණ්ඩෙන් අදින්න හදපු එක නැවැත්තුවා.

"යුමීයා... කෙන්චනායෝ?"

චෝහී මන් හිතපු නැති විදිහට මගේ ළඟට ඇවිත් හරි දුකින් වගේ එහෙම ඇහුවාම මට හිතාගන්නත් බැරි උනා මේ ඉන්නේ මට ඉස්සර දවස්වල කරදර කරපු චෝහීමද කියලා. එයා මගේ අත්දෙකින්ම අල්ලන් මාත් එක්ක හරි ලස්සනට හිනා වුණා.

"මෙයාලා ඔයාට වෙන මුකුත් කරදරයක් කලේ නෑ නේද චින්ගු? අම්මෝ හොඳවෙලාවට මන් මගේ පොත ගන්න කියලා ආයෙම පංතියට ආවේ...."

එහෙම කියලා චෝහී ඔරවගෙන ඊළඟට හැරුනේ හේජින්ගේ පැත්තටයි.

"අයිගූ හේජිනා.... calm down චින්ගු calm down. මං ඔයාට කලිනුත් කියලා තියෙනවනේ... යුමී කියන්නේ මට සෝල්වලදි හිටිය මගේ හොඳම යාළුවෙක්. ඔයා මට කලින් දවසක promise උනා එයාට ආයෙ කරදර කරන්නෙ නෑ කියලා. Did you already forget that? මොකද්ද හේජිනා... ඔිවා අමතක කරලා දාලා හැමෝම යාළුවො වගේ ඉමුකෝ.... ආ?"

You Found Me ‖ KSJ [2]Tempat cerita menjadi hidup. Temukan sekarang