Chapter 19

214 70 51
                                    

(YUMI POV)

"දැන් කොහෙද සොක්ජින් ඔප්පා ඉන්නේ?"

"මං හිතන්නේ එයා දැනුයි නිදාගන්න ගියේ චෝහී.... එයා ඊයේ මුළු රෑම මෙයත් එක්කම මෙතනලු ඉදලා තියෙන්නෙ.. මටත් කිව්වේ අනිත් පංතියේ ළමයෙක්. අන්න..... අන්න එයා නැඟිටිනවද කොහෙද....."

මං අමාරුවෙන් ඇස් දෙක අරිනකොට මගේ ළඟින්ම හිටගෙන හිටයේ චෝහීයි හේජිනුයි දෙන්නා විතරයි.

"ආහ්හ්.... මගේ... ආහ්හ්..... ඔ...ළු..ව..." 

මගේ ඔළුවට නිකන් පොල්ලකින් ගහලා වගේ හරිම වේදනාවයි. 

වටපිට බලද්දියි මට තේරුණේ අපි තාමත් ඉන්නෙ camp site එකේ කියලයි. මොකද මං හිටියේ main house එකේ teacher කෙනෙක්ගේ ඇඳක් උඩ නිසා.

"හේජිනා... ඔයා එහෙනම් දැන් එළියට යන්න.. මට මේ නෝනහාමුට තේරුම් කරලා දෙන්න ලොකු කතාවක් තියෙනවා."

මං නැඟිටලා ඇඳට හේත්තු වෙනකොට චෝහී මං දිහා බලාගෙනම හේජින්ට එළියට යන්න කිව්වාම, හේජිනුත් එතනින් යන්න ගියේ කට කොණින් මට හිනාවෙන ගමන්.

"නෝනහාමුට හොඳට නින්ද ගිහින් වගේ.... හ්ම්??"

"චෝහී.. ඔයා ඊයෙ රෑ නින්දෙන් බය....."

"කට.... ශ්ශ්ශ්.... කට වහගන්නවා කන්ග් යුමී.... දැන් මමයි කතා කරන්නේ."

චෝහී එයාගේ කටට ඇඟිල්ල තියාගෙන හයියෙන් කෑගැහුව පාරට මාව ගැස්සිලා ගියා. එයාගේ කටහඬින් මට තේරුණේ එයා ඉන්නෙ හුඟාක් තරහින් කියලයි.

එයා මං කතා කරන්න යන එකත් නවත්තලා එයාගේ අත්දෙක පපුව ළඟට තියලා බැදගත්තේ කාමරේ ඇරලා දාලා තිබ්බ දොරත් හයියෙන් වහලා දැම්මට පස්සෙයි.

"මං මේ කියන යන දේ තමුන්ට ඔය ලැබිලා තියෙන කන් දෙකින් හොඳට අහගන්නවා කන්ග් යුමී...."

මගේ මූණට එබෙන ගමන් චෝහී එයාගේ මුණට වැටිලා තිබ්බ එයාගේ fringe එකත් කන පිටිපස්සට දාගත්තා.

"සොක්ජින් ඔප්පා කියන්නේ හරිම අහිංසක ඒවගේම හොඳ හදවතක් තියෙන කෙනෙක්. තමුන්ට ඒක ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෙවෙයිනේ. මොකද තමුන් අද මෙතන තාමත් පණපිටින්, ඔය විදිහට හුස්ම ගන්නෙ ඒ වෙලාවේ සොක්ජින් ඔප්පා එතනට ආපු නිසා නේද?"

You Found Me ‖ KSJ [2]Où les histoires vivent. Découvrez maintenant