Chapter 28

214 65 31
                                    

⚠ Mature Content ⚠

(3RD PERSON's POV)

<<< Flashback to Seoul Inter School Drama Competition Day >>>


Place - Kung House (Yumi's House)

Time - 04:30 P.M.

Character Introduction - මින් සෝ-යුන් (යුමීගේ අම්මා)

                                                  - කන්ග් ජේ-හ්යොන් (යුමීගේ තාත්තා)


"කොහෙද ඔය camcorder එකට බැටරිත් දාගෙන ඔයා ඔය යන්න ලෑස්තිවෙන්නේ යුනා? ආ...??"

සෝ-යුන් එයා ළඟ තිබ්බ camcorder එකට අළුතින් බැට්රි දෙකක් දාලා ඒක on කරලා එකේ video රෙකෝඩින් එක චෙක් කරන්න ගත්තේ, ජේ-හ්යොන් කියපු දේ ගණන් නොගෙනමයි.

"දැන් ඔයාගේ කන් දෙකත් බීරිවෙලාද සෝ-යුන්....???"

"ඇයි මේ ජේ-හ්යොන්...?? ඇයි මෙහෙම වද දෙන්නේ? උදේ පාන්දර ඉදන් කටගොන්නක් බීගෙනම දවස පටන්ගන්නකොට ඔයාට ඉතින් කොහෙ දේවල් මතක හිටින්නද... හ්හ..."

Camcorder එකට කලින් දාපු බැටරි වැඩ නොකරපු නිසා අළුත් බැටරි පැක් එකක් කඩන ගමන් සෝ-යුන් එහෙම කිව්වෙ හරිම තරහින්.

"කවුද ළමයො බීලා ඉන්නේ....... මං මේ fun එකක් ගන්නවා.... එච්චරයි."

"Fun එකක්? ඔයාට ඉන්න එකම දුවගේ drama competition එකට වඩා බොන එක fun කියලා මං අදනේ දැනගත්තේ ජේ-හ්යොන්"

"ආ...... මගේ යුමීද? මගේ කෙල්ල මන් ආවෙ නැති උනත් වැඩේ හොඳට කරගනී.... ඒ කෙල්ලගේ ඇඟේ දුවන්නේ ඉතින් කන්ග් පරම්පරාවේ ලේ නේ.."

ජේ-හ්යෝන් එයාගේ අතේ තිබ්බ විස්කි බෝතලේම කටට දෙකට බීගෙන බීගෙන ගියා.

"ඔයා හුඟාක් වෙනස්වෙලා ජේ-හ්යොන්. ඉස්සර හිටිය ජේ-හ්යොන් නම් අපිට මෙහෙම කලේ නෑ... කවදාවත් අපි දෙන්නට රිද්දුවෙ නෑ... හ්හ... මගේ දරුවා නිසයි මං තාමත් මේ අපායේ දුක් විඳ විඳ හරි මේ දේවල් මෙච්චරවත් ඉවසන්නේ."

"ඉතින් ඇයි තමුසේ මේ අපායේ තාමත් දුක්විඳින්නේ?? පලයන්..... පලයන් අර තමුසෙගේ මහ ලොකු සුද්දවන්ත ඔප්පා මින්සුන් ගාවට.... ජරා මිනිහා.... ඔිකා කරන්නේ ඉතින් මගේ නංගි, මගේ නංගි කියකියා තමුසෙගේ පස්සෙන් වැටිලා ඉන්න එකනේ...."

You Found Me ‖ KSJ [2]Where stories live. Discover now