Chapter 24

247 72 33
                                    

(SEOK-JIN POV)

අද තමයි යුමී මගේ ගෙදර ඉන්න තුන්වෙනි දවස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද තමයි යුමී මගේ ගෙදර ඉන්න තුන්වෙනි දවස.

යුමී නිසාම මන් මේ දවස් ටිකේම වැඩට යන්නෙ නැතුව එයත් එක්කම ඉන්න තීරණය කලේ මාව රස්සාවෙන් එලවයි කියලවත් කිසිම ගාණක් නැතුවයි. ඇත්තටම එහෙම එලෙව්වත් මට හුඟක් සතුටු හිතෙයි. මොකද දැන් මට වෙන කිසිම දෙයක් නිසා දුක්වෙන්න ඔිනි නැති නිසා....

එයා ආයෙමත් මගේ ඇස් ඉස්සරහම ඉන්දැද්දි මන් මුළු ලෝකයක් දින්නා වගේම තමයි.

මන් හීටර් එකත් on කරලා kitchen එකට ගිහින් උණුවෙන්ම කෝපි එකක් හදාගෙන යුමීගෙ අතට ගෙනත් දුන්නේ, එයාට හැදිලා තියෙන හෙම්බිරිස්සාව ඒක බිව්වාම අඩුවේවි කියලා හිතුණ නිසයි. මොකද ඊයෙ හවස වැඩ්ඩෙක් වගේ දූවිල්ලෙන් වැහිලා තිබ්බ පරණ කාමරේ, මාස්ක් එකක්වත් දාන්නෙ නැතුව තනියෙන් සුද්ද කරන්න ගිහින් එයා හෙම්බිරිස්සාවක් හදාගෙන තිබ්බනේ..... ඒකයි.

මන් ගණන් හැදුවා හරි නම්, දැන් තත්ත්පර පහකට කලින් හයියෙන් ඇහුණ හචුස් එක තමයි යුමී අද දවසට ගිය එකසිය දහතුන් වෙනි හචුස් එක.

එකවෙලාවකට අපේ ඔම්මා කියන කතාවත් ඇත්ත. යුමී නම් හරිම මුරණ්ඩුයි තමා...

යුමී ඉඳගෙන හිටියේ මගේ පුංචි සෝෆා එක‌ට හේත්තුවෙලා ඒ ළඟ තිබ්බ බිම කාපට් එකෙයි. ඒන්ජලුත් එයාගේ උකුළ උඩින් ඔළුව තියාගෙනම එයා ළඟින්ම නිදාගෙන හිටියා.

ඉතින් මන් කෝපි කෝප්පේ යුමීගෙ අතට දීලා එයා ළඟින්ම බිම කාපට් එකෙන් ඉදගත්තේ, එයාගේ කරට බ්ලැන්කට් එකත් දැම්මටත් පස්සෙයි.

"රසයි...."

එයා මුළු mug එකම එයාගේ පුංචි ඇඟිලිවලින් වහගන්න ගමන් මගේ දිහා බැලුවා.

You Found Me ‖ KSJ [2]Where stories live. Discover now