Jk සුගාගේ ගෙදරින් එලියට ඇවිත් වැස්සෙ තෙම් තෙමි පාරේ ඇවිදගෙන ගියා..එයා නතර වුනේ ජීසූගේ ගේ ලග..ඒ වෙනකොට jk හොදටම තෙමිලා..jk ගිහින් ජීසූ ගේ ගෙදර දොරට ගොඩක් හයියෙන් ගැහුවා..
ජීසූ ඒ වෙලාවෙ හොදට නිදාගෙන හිටියේ..jk දොරට ගහපු විදියට ජීසූ උඩ ගිහින් ඇහැරුනා...
Jisu 🦢 ; අනේ දෙවියනේ කවුද මේ වෙලාවෙ දොර කඩන්න හදන්නේ..රෑ දොලහත් පහු වෙලා..හොරෙක් වත්ද දන්නේ නෑ..අනේ දෙවියනේ මං ගෙදර තනියම නේද ඉන්නේ..කෝකටත් ගිහින් බලන්න ඕන..
ජීසූ හිටියේගොඩක් බය වෙලා.. එයා හෙමිහිට දොර ලගට ගිහින් හිට ගත්තා..ජීසූට හිතා ගන්න බැරි වුනා දොර ඇරලා බලනවද නැද්ද කියලා..මොනා වුනත් හොරෙක් දොරට තට්ටු කරලා එන්නේ නෑනේ..කෝකටත් කියලා ජීසූ කුස්සියට ගිහින් පිහියක් අරගෙන ආවා..එයාගේ ආරක්ෂවට හොදයිනේ මොනා වුනත්..එයා පිහිය ඉස්සරහට දික් කරගෙන දොර ඇරියා..
ජීසූ පිහිය දික් කරන් හිටපු විදියටනම් jk ත් බය වුනා..ජීසූ ඉක්මනට එයාගේ අතේ තිබුන පිහිය විසික් කරලා jk දිහා බලාගෙන හිටියා..ජීසූ දිහා බලාගෙන jk ආපහු අඩන්න පටන් ගත්තා..ජීසූට හිතා ගන්න බැරි වුනා මොකද කරන්නේ කියලා..jk තවම වැස්සෙ තෙමෙනවා..ජීසූ ටිකක් වෙලා යනකන් හිටියේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව..ටිකක් වෙලා ඉදලා ජීසූ jk ව ගේ ඇතුලට අරන් දොර වැහුවා..jk සීතලේ වෙව්ලනවා..ජීසූ jk ඇතුලට ගත්ත ගමන් jk අඩ අඩ කතා කරන්න පටන් ගත්තා..
Jk 🐰 ; ජීසූ....ජීසූ මට සමාවෙන්න...මං ඔයාට වැරැද්දක් කරේ නෑ..මං ඇත්තටම ඔයාට ආදරේ කරනවා..මං කොහොමද ඒක ඔයාට ඔප්පු කරන්නේ..අනේ මාව දාලා යන්න එපා...මාව තනි කරන්න එපා..මට ඔයා විතරයි ඉන්නේ..අනේ මට වෛර කරන්න එපා..මට ඕන ඔයාගෙ ආදරෙ විතරයි..
YOU ARE READING
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......