කාලේ බලාගෙන ඉන්නකොට ගෙවිලා ගියා..jungkook කොරියාවෙන් යන දවස ගොඩක් ඉක්මනට ලං වුනා..ජීසූ හැම රෑකම එයාගේ ආදරේ වෙනුවෙන් ඇඩුවා..ඒ වගේම jungkook ඉස්සරහදී එයා ගොඩාක් සතුටින් හිටියා..ජීසූට ඕන වුනේ jungkook ට හයියක් වෙන්න මිසක් එයාගේ දුර්වලකම වෙන්න නෙවෙයි..ඒ නිසාම ජීසූ ටිකෙන් ටික එයාගේ හිත හදා ගත්තා..jk ත් ජීසූගෙන් එයාගේ පවුල වුන යාලුවන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න ටිකෙන් ටික හිත හදා ගත්ත..
AT JUNGKOOK 'S HOUSE
හෙට තමයි දවස..jungkook කොරියාව අත ඇරලා නාදුනන මිනිස්සු ඉන්න කවදාවත් දැකලාවත් නැති රටක ජීවත් එන්න යන්නේ හෙට ඉදන්..jungkook එයාගේ කාමරේට වෙලා එයාගේ ඇදුම් බෑග් එක ලෑස්ති කරන ගමන් හිටියේ..ඔක්කොම ඇදුම් ලෑස්ති කරගත්තට පස්සෙ jungkook එයාගෙයි ජීසූගෙයි ෆොටෝ එකක් බෑග් එකට දාගන්නත් අමතක කරේ නෑ...
එ විතරක් නෙවේ යාලුවෝ එක්ක ගහපු ෆොටෝ එකකුත් ගන්න jk අමතක කරේ නෑ..
ඔක්කොම බඩු ලෑස්ති කරලා jungkook එයාගේ කාමරේන් එලියට ගියේ පුරුදු විදියටම එයාගේ අම්මාගේ කාමරේට යන්න හිතාගෙන..එත් කාමරේ දොර අරිනකොටම එයා ඉස්සරහා හිටියේ එයා ඒ වෙලාවේ බලපොරොත්තු වුනේ නැති කෙනෙක්..
VOCÊ ESTÁ LENDO
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romanceඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......