ONE WEEK LATER
ඔන්න ඉතින් ජීසූට college එකට සල්ලි ගෙවන්න තියන දවසත් ආවා..එත් ජීසූට ගෙවන්න ඕන සල්ලි හොයාගන්න නම් බැරි වුනා..ජීසූ උදේම නැගිටලා සල්ලි ටික ගනන් කරන්න පටන් ගත්තා..එයා හිතුවට වඩා ගොඩක් ලොකු ගානක් මදි වුනා..එයාට කාගෙන්වත් ඉල්ල ගන්න ඕන වුනෙත් නෑ..principal sir ට පොරොන්දු වුනත් එයාට සල්ලි ගෙවා ගන්න බැරි වෙන නිසා දැන් එයාට shinwa college එකෙන් අයින් වෙන්න වෙනවා..ජීසූට ගොඩාක් දුකයි..එයා අඩ අඩාම college එකට යන්න ලෑස්ති වුනා..
AT SHINWA COLLEGE
ජීසු college එකට යනකොටත් බොරා ලා ඇවිත් හිටියා..ජීසූ class එක ඇතුලට ආවෙත් අඩාගෙනමයි..
Bora 🌺 ; ජීසූ ඇයි මොකද මේ අඩන්නේ..මොකක් හරි ප්‍රශ්නයක්ද..කතා කරන්නකෝ ලමයෝ..
Jisu 🦢 ; කලබල වෙන්න එපා බෝරා මොකුත් ප්‍රශ්නයක් නෑ..
Bora 🌺 ; ඇයි එහෙනම් අඩන්නේ..
Jisu 🦢 ; බෝරා..අද මට college එකට සල්ලි ගෙවන්න තියන දවස..ඒත් මට ඕන සල්ලි හොයාගන්න බැරි වුනා..
Bora 🌺 ;මො..මොකක්..කොච්චරක් මදිද..
Jisu 🦢 ; රුපියල් 25000ක් විතර..
Bora 🌺 ; ජීසූ මං ඔයාට ඒ සල්ලි දෙන්නම්..මුරණ්ඩු නොවී ඒ සල්ලි ගන්න..
Jisu 🦢 ; නෑ බෝරා..මං හිත හදා ගත්තා..මං college එකෙන් අයින් වෙනවා..
Bora 🌺 ; ඔයාට පිස්සුද ජීසූ..ඔයා කොහොමද college එකෙන් යන්න හිත හදා ගත්තේ...
Jisu 🦢 ; මට වෙන කරන්න දෙයක් නෑ බෝරා..මට යන්නම වෙනවා.. අනික මට සෝල් වල තනියම ඉන්නත් බෑ..මං අම්මාලා ලගට යනවා බෝරා..
Bora 🌺 ; නෑ ජීසූ ඔයා කොහොමද මාව මෙහේ තනියම දාලා යන්නේ..
Jisu 🦢 ; ඇති බොරා..මට මෙහෙන් යන්නම වෙනවා..මං දැන් principal sir හම්බ වෙන්න යනවා..
ජීසු එහෙම කියලා class එකෙන් එලියට ගියේ office එකට යන්න හිතාගෙන..ඉතින් එයා කොරිඩෝ එක දිගේ අඩ අඩ office එක පැත්තට ඇවිදගෙන ගියා..එයාට ආපහු කවදවත් මේ college එකට එන්න වෙන්නේ නැති නිසා එයා ඇස් වල කදුලු පුරව ගෙන college එක වටේම බල බල හෙමින් හෙමින් ඇවිදගෙන ගියා..
KAMU SEDANG MEMBACA
❤ දගකාර ආදරවන්තයා ❤(Completed)
Romansaඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......